Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 7:64 - Sinhala Revised Old Version

64 මොව්හු නාම සටහන්වූ තමුන්ගේ පෙළපත් ලේඛනය සෙවු නුමුත් සම්බනූණ බැවින් අපවිත්‍ර අය මෙන් ගණන්ගන්නාලදුව පූජකකමෙන් අහක්කරනු ලැබුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

64 නාම සටහන් වූ තමන්ගේ පෙළපත් ලේඛනය සෙවූ නමුත්, සම්බ නොවූ බැවින් මොවුහු අපවිත්‍ර අය ලෙස ගණන්ගන්න ලදුව පූජකකමෙන් ඉවත් කරනු ලැබුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

64 නාම සටහන් වූ තමන්ගේ පෙළපත් ලේඛනය සෙවූ නමුත්, සම්බ නොවූ බැවින් මොවුහු අපවිත්‍ර අය ලෙස ගණන්ගන්න ලදුව පූජකකමෙන් ඉවත් කරනු ලැබුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 7:64
8 හුවමාරු යොමු  

පෙළපත් වශයෙන් ගණන් කරන පිණිස උත්තමයන්ද මුලාදෑනීන්ද සෙනඟද රැස්කරන්ට මාගේ දෙවියන්වහන්සේ මාගේ සිත පෙළෙඹවුසේක. පළමුවෙන්ම ආ අයින්ගේ පෙළපත් ලේඛනය මට සම්බවිය,


මෙසේ මුළු ඉශ්‍රායෙල් පෙළපත් වශයෙන් ලියවුණෝය; ඒවා ඉශ්‍රායෙල් රජවරුන්ගේ පොතේ ලියා තිබේ. යූදාවරු තමුන්ගේ ද්‍රෝහිකම නිසා බබිලෝනියට ගෙනයනලද්දෝය.


මාගේ දෙවියන්වහන්ස, ඔවුන් පූජක තනතුරද පූජකකමෙත් ලෙවීවරුන්ගෙත් ගිවිසුමද අපිරිසිදුකළ නිසා ඔවුන් සිහිකළ මැනව.


සෙනඟ පිට වරද පැමිණෙන ලෙස ආලේපලත් පූජකයා පව්කළොත්, ඔහු කළාවූ ඒ පාපය ගැන ස්වාමීන්වහන්සේට පාප පූජාවක් පිණිස කැලල් නැති ගොන් නාම්බෙකු ඔප්පුකෙරේවා.


පූජකයන්ගෙන් හෝබායාගේ පුත්‍රයොත් හක්කොශ්ගේ පුත්‍රයොත් ගිලියදිය බර්සිල්ලයිගේ දූවරුන්ගෙන් භාර්යාවකු පාවාගෙන ඔවුන්ගේ නාමය ලැබූ බර්සිල්ලයිගේ පුත්‍රයොත්ය.


ඌරීම් සහ තුම්මීම් ඇති පූජකයෙක් නැගිටින තුරු ඔවුන් විසින් ඉතා ශුද්ධ දේවල් නොකෑ යුතුයයි තිර්ෂාතා තෙමේ ඔවුන්ට කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්