Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 7:63 - Sinhala Revised Old Version

63 පූජකයන්ගෙන් හෝබායාගේ පුත්‍රයොත් හක්කොශ්ගේ පුත්‍රයොත් ගිලියදිය බර්සිල්ලයිගේ දූවරුන්ගෙන් භාර්යාවකු පාවාගෙන ඔවුන්ගේ නාමය ලැබූ බර්සිල්ලයිගේ පුත්‍රයොත්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

63 පූජකයන්ගෙන් හබායාගේ පුත්‍රයෝත්, හක්කොශ්ගේ පුත්‍රයෝත් ගිලියදිය බර්ශල්ලයිගේ දූවරුන්ගෙන් භාර්යාවක පාවාගෙන ඔවුන්ගේ නාමය ලැබූ බර්සිල්ලයිගේ පුත්‍රයෝත් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

63 පූජකයන්ගෙන් හබායාගේ පුත්‍රයෝත්, හක්කොශ්ගේ පුත්‍රයෝත් ගිලියදිය බර්ශල්ලයිගේ දූවරුන්ගෙන් භාර්යාවක පාවාගෙන ඔවුන්ගේ නාමය ලැබූ බර්සිල්ලයිගේ පුත්‍රයෝත් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 7:63
8 හුවමාරු යොමු  

නුමුත් ගිලියදිය බර්සිල්ලයිගේ පුත්‍රයන්ට කරුණාව පෙන්වන්න, ඔව්හු නුඹේ මේසයෙන් කන තැනැත්තන් අතරේ සිටිත්වා. මක්නිසාද නුඹේ සහෝදරවූ අබ්සලොම් ඉදිරියෙන් මා පලාගිය විට ඔව්හු එලෙස මා ළඟට ආවෝය.


දාවිත් මහනායිම්ට පැමුණුණු විට අම්මොන් පුත්‍රයන්ට අයිති රබ්බාහි නාහාෂ්ගේ පුත්‍රවූ ෂෝබිද ලෝ-දෙබාර්හි අම්මීයෙල්ගේ පුත්‍රවූ මාඛීර්ද රොගේලීම්හි ගිලියදිය බර්සිල්ලයිද,


හක්කොශ්ට දාව ආනූබ්ද ශොබේබාද හාරුම්ගේ පුත්‍රවූ අහර්හෙල්ගේ පවුල්ද උපන්නෝය.


දෙලායාගේ පුත්‍රයොත් ටෝබියාගේ පුත්‍රයොත් නෙකෝදාගේ පුත්‍රයොත් හසිය හතළිස් දෙදෙනෙක්ය.


මොව්හු නාම සටහන්වූ තමුන්ගේ පෙළපත් ලේඛනය සෙවු නුමුත් සම්බනූණ බැවින් අපවිත්‍ර අය මෙන් ගණන්ගන්නාලදුව පූජකකමෙන් අහක්කරනු ලැබුවෝය.


ඔවුන් ගාව හක්කොශ්ගේ පුත්‍රවූ උරියාගේ පුත්‍රයා වන මෙරේමොත් අලුත්වැඩියාකෙළේය. ඔවුන් ගාව මෙෂේසබෙල්ගේ පුත්‍රවූ බෙරෙකියාගේ පුත්‍රයා වන මෙෂුල්ලාම් අලුත්වැඩියාකෙළේය. ඔවුන් ගාව බානාගේ පුත්‍රවූ ශාදොක් අලුත්වාඩියාකෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්