Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නෙහෙමියා 7:3 - Sinhala Revised Old Version

3 මම ඔවුන්ට කථාකොට: අව්ව සැරවෙන තුරු යෙරුසලමේ දොරවල් අරින්ට නොදෙන්න; ඔවුන් මුරකරන අතරම දොරවල් වසා පොලු දමන්ට යෙදේවා. යෙරුසලමේ වැසියන්ගෙන් මුරකාරයන් එක් එක් කෙනා වශයෙන් තම තමාගේ ගෙය ඉදිරිපිට මුරට සිටුවන්නැයි කීවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 මම ඔවුන්ට කතා කොට, “අවු රස්නය සැර වන්නට පෙර ජෙරුසලමේ දොරවල් අරින්න නොදෙන්න. ඔවුන් මුර කරන අතර ම දොරවල් වසා පොලු දමා තිබිය යුතු ය. ජෙරුසලමේ වැසියන්ගෙන් සමහරෙකු මුර වැඩවලට ද අන් සමහරෙකු ඔවුන්ගේ ගෙවල් ඉදිරිපිට ද මුරට යොදවා ගත යුතු ය”යි කීවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 මම ඔවුන්ට කතා කොට, “අවු රස්නය සැර වන්නට පෙර ජෙරුසලමේ දොරවල් අරින්න නොදෙන්න. ඔවුන් මුර කරන අතර ම දොරවල් වසා පොලු දමා තිබිය යුතු ය. ජෙරුසලමේ වැසියන්ගෙන් සමහරෙකු මුර වැඩවලට ද අන් සමහරෙකු ඔවුන්ගේ ගෙවල් ඉදිරිපිට ද මුරට යොදවා ගත යුතු ය”යි කීවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 7:3
8 හුවමාරු යොමු  

තවද සබත් දවසට ඉස්සරින් යෙරුසලමේ දොරටුවලට අඳුර වැටෙන කල දොරවල් පියන්ටත්, සබත් දවස පසුවෙන තුරු ඒවා නාරින්ටත් අණකර, සබත් දවසේ කිසි බරක් ඇතුළට නොගෙනෙන පිණිස මාගේ මෙහෙකරුවන්ගෙන් සමහරෙකු දොරටු ළඟ සිටෙවුවෙමි.


ඔවුන් ගාව බෙන්යමින්ද හෂ්ෂූබ්ද තමුන්ගේ ගෙය ඉදිරිපිට අලුත් වැඩියාකළෝය. ඔවුන් ගාව අනනියාගේ පුත්‍රයා වන මයසේයාගේ පුත්‍රවූ අසරියා තමාගේ ගෙය ළඟ අලුත්වැඩියාකෙළේය.


තවද මම මාගේ සහෝදරවූ හනානිද බලකොටුවේ අධිපතියාවූ හනනියාද යෙරුසලම කෙරෙහි පත්කෙළෙමි. මක්නිසාද හනනියා විශ්වාසවූ බොහෝ මිනිසුන්ට වඩා දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ මනුෂ්‍යයෙක්ව සිටියේය.


නුවර විශාලව මහත්ව තිබුණාය. නුමුත් එහි සිටි සෙනඟ ස්වල්පය, ගෙවල් ගොඩනගා තිබුණෙත් නැත.


ස්වාමීන්වහන්සේ ගෙය නොසාදනසේක් නම්, සාදන්නෝ නිෂ්ඵලයේ වෙහෙසෙති. ස්වාමීන්වහන්සේ නුවර ආරක්ෂා නොකරනසේක් නම්, රැකවලා නිෂ්ඵලයේ අවදිව සිටියි.


මක්නිසාද උන්වහන්සේ නුඹේ වාසල් දොරටුවල අගුල් සවිකළසේක; නුඹ තුළ නුඹේ දරුවන්ට ආශීර්වාද කළසේක.


වෘකයන් මැදට බැටළුවන් මෙන් මම නුඹලා යවමි. එහෙයින් සර්පයන් මෙන් නුවණ ඇතිව, පරෙවියන් මෙන් අහිංසකව සිටින්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්