Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 6:8 - Sinhala Revised Old Version

8 එවිට මම පණිවිඩයක් යවා: නුඹ කියන ඔය කාරණාවල හැටියට සිද්ධවෙලා නැත, නුඹම ඒවා නුඹේ සිතින් උපදවාගත්තෙහියයි කීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 මීට පිළිතුරක් වශයෙන් මම පණිවුඩයක් යවමින්, “ඔබ කියන ඔය කිසිවක් සිදු වී නැත. ඔබ ඒවා සිතින් මවාගෙන ඇතැ”යි කීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 මීට පිළිතුරක් වශයෙන් මම පණිවුඩයක් යවමින්, “ඔබ කියන ඔය කිසිවක් සිදු වී නැත. ඔබ ඒවා සිතින් මවාගෙන ඇතැ”යි කීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 6:8
12 හුවමාරු යොමු  

නුඹේ දිව තියුණු දැළි පිහියකට සමානව රැවටිලිකරමින්, දුෂ්ටකමම යෝජනාකරයි.


නුඹලා නම් බොරු ගොතන්නෝය, නුඹලා සියල්ලෝම නොවටිනා වෙද්දුය.


නුමුත් පාවුල්: මම කායිසර්ගේ විනිශ්චයාසනය ඉදිරියෙහි සිටිමි; මෙහිදී මා විනිශ්චයකරන්ට යුතුය. යුදෙව්වරුන්ට මා විසින් කිසි වරදක් කළේ නැත, ඒ බව ඔබටත් හොඳාකාර පෙනීයන්නේය.


ඔහු ආ කල, යෙරුසලමෙන් ඇවිත් සිටි යුදෙව්වරු පාවුල් වටකර සිට ඔහුට විරුද්ධව ඔප්පුකළ නොහැකිවූ බරපතළවූ බොහෝ පැමිණිලි කළෝය.


නුඹලා නුඹලාගේ පියවූ යක්ෂයාගෙන්ය, නුඹලා නුඹලාගේ පියාගේ තෘෂ්ණාවන් ඉෂ්ටකරන්ට කැමතිය. ඔහු පටන්ගැන්මේ සිට මිනීමරන්නෙක්ය, ඔහු තුළ සැබෑකම නැති හෙයින් ඔහු සැබෑවෙහි නොපැවතුණේය. ඔහු බොරුවක් කියන කල තමාගේම දේ කියයි. මක්නිසාද ඔහු බොරුකාරයෙක්ය, බොරුවේ පියාය.


පොළොං වංශය, නපුරුව සිටින නුඹලා යහපත් දේ කෙසේ කියවුද? මක්නිසාද සිතේ පූර්ණකමෙන් මුඛය කථාකරයි.


ඒ රජුන් දෙදෙනාගේ සිත් වනාහි නපුර කිරීමට යෙදී, එක මේසයේ හිඳගෙන ඔව්හු බොරු කියන්නෝය. නුමුත් ඉෂ්ටවෙන්නේ නැත; මක්නිසාද නියම කාලය දක්වා තීන්දුව තව ප්‍රමාද වන්නේය.


ධර්මිෂ්ඨකමින් හඬගසන කෙනෙක්වත් සැබෑකමින් නඩුකියන කෙනෙක්වත් නැත. ඔව්හු හිස්කම කෙරෙහි විශ්වාසය තබා බොරු කියති; ඔව්හු නපුර පිළිසිඳගෙන අයුක්තිය බිහිකරති.


මාගේ ප්‍රාණය නසන්ට සොයන්නෝ මට මලපත් තබති; මට අන්තරායකරන්ට සොයන්නෝ නපුරු දේ කථාකරමින්, දවස මුළුල්ලේ ප්‍රයෝග යොදති.


ඔහුගේ මුඛයෙහි වචන අයුතුකම හා වංචාව වේ. ඔහු නුවණැතිව සිටීමෙන්ද යහපත්කම් කිරීමෙන්ද වැලකී සිටී.


යූදාහි රජෙක් සිටීයයි නුඹ ගැන යෙරුසලමෙහි ප්‍රකාශකරන්ට නුඹ ප්‍රොපේතවරුන් නියමකළ බවත් මේ ජාතීන් අතරෙහි සැලවී තිබේ, ගෂ්මු තෙමේද එසේ කියයි. ඉතින් මේ වචනවල හැටියට රජ්ජුරුවන්ට දන්වනු ලබනවා ඇත. ඒ නිසා එන්න, අපි එක්ව මන්ත්‍රණයකරගනිමු යනුයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්