Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 6:3 - Sinhala Revised Old Version

3 මම ඔවුන් ළඟට පණිවිඩකාරයන් යවමින්: මම මහත් වැඩක යෙදී සිටිමි, ඒ නිසා එන්ට බැරිය. මා විසින් වැඩ අත්හැරදමා නුඹලා වෙතට එන පිණිස වැඩය නවතින්නේ කුමටදැයි කියෙවුවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 මම ඔවුන් ළඟට පණිවුඩකාරයන් යවමින්, “මම වැදගත් වැඩක යෙදී සිටිමි. ඒ නිසා එන්නට නොහැකි ය. ඔබ වෙත පැමිණෙන පිණිස මා මේ වැඩ අත්හැරියොත් වැඩය නවතිනු ඇතැ”යි කියා යැව්වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 මම ඔවුන් ළඟට පණිවුඩකාරයන් යවමින්, “මම වැදගත් වැඩක යෙදී සිටිමි. ඒ නිසා එන්නට නොහැකි ය. ඔබ වෙත පැමිණෙන පිණිස මා මේ වැඩ අත්හැරියොත් වැඩය නවතිනු ඇතැ”යි කියා යැව්වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 6:3
9 හුවමාරු යොමු  

දවහල්ව තිබියදී මා එවූ තැනන්වහන්සේගේ වැඩ අප විසින් කටයුතුය. රාත්‍රිය පැමිණෙයි, එවිට කිසිවෙකුට වැඩකරන්ට නුපුළුවන.


වෘකයන් මැදට බැටළුවන් මෙන් මම නුඹලා යවමි. එහෙයින් සර්පයන් මෙන් නුවණ ඇතිව, පරෙවියන් මෙන් අහිංසකව සිටින්න.


මේ මනුෂ්‍යයා ගොඩනගන්ට පටන්ගත් නුමුත් නිමකරන්ට ඔහුට බැරිවීයයි කියා ඔහුට සරදම්කරන්ට පටන්ගන්නෝය.


නුවණ නැත්තා හැම වචනම විශ්වාස කරයි; එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ පියවර හොඳට බලාගනියි.


කරන්ට නුඹේ අතට සම්බවෙන සියල්ලම නුඹේ වීර්යයෙන් කරන්න; මක්නිසාද නුඹ යන මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.


එවිට සන්බලාට්ද ගෙෂෙම්ද: එන්න, අපි ඕනෝහි සමභූමියේ ගම්වලින් එකක සම්මුඛවෙමුයයි මට කියා එවුවෝය. නුමුත් ඔව්හු මට අනතුරු කරන්ට සිතුවෝය.


ඔව්හු මේ ප්‍රකාරයට සතර වරක් මට කියා එවුවෝය; මම වනාහි ඒ ප්‍රකාරයට ඔවුන්ට උත්තර ඇරියෙමි.


ඒ නිසා මම පවුරට පිටිපස්සෙන් පහත්වූ එළිමහන් ඉඩම්වල සෙනඟ තමුන්ගේ පවුල්වල ප්‍රකාරයට කඩුත් හෙල්ලත් දුනුත් ඇතුව සිටෙවුවෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්