Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 6:16 - Sinhala Revised Old Version

16 අපේ සියලු සතුරන් ඒ බව ඇසූකල අප අවට සිටි සියලු ජාතීහු භයවූහ, ඔවුන්ගේ ධෛර්යයද බොහෝ අඩුවුණේය. මක්නිසාද මේ වැඩ ඉෂ්ටවුණේ අපේ දෙවියන්වහන්සේ කරණකොටගෙන බව ඔවුන්ට පෙනුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 අපේ සියලු සතුරන් ඒ බව ඇසූ විට ද අප අවට සිටි සියලු ජාතීන් එය දුටු විට ද එය විස්මයජනක යැයි සිතා, මේ වැඩය ඉටු වුණේ අපේ දෙවියන් වහන්සේගේ උපකාරයෙන් බව ඔව්හු තේරුම්ගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 අපේ සියලු සතුරන් ඒ බව ඇසූ විට ද අප අවට සිටි සියලු ජාතීන් එය දුටු විට ද එය විස්මයජනක යැයි සිතා, මේ වැඩය ඉටු වුණේ අපේ දෙවියන් වහන්සේගේ උපකාරයෙන් බව ඔව්හු තේරුම්ගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 6:16
16 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් පුත්‍රයන් මෙතර වෙන තුරු ස්වාමීන්වහන්සේ ඔවුන් ඉදිරියෙන් යොර්දානේ ජලය හින්දවා දැමූ බව යොර්දානට මෙතර බස්නාහිරදිග සිටි අමෝරිවරුන්ගේ සියලු රජවරුන්ද මුහුද ළඟ සිටි කානානිවරුන්ගේ සියලු රජවරුන්ද ඇසූ කල ඔවුන්ගේ සිත් දියව ගියේය, ඉශ්‍රායෙල් පුත්‍රයන් නිසා තවත් ඔවුන් තුළ ධෛර්යයක් නොවීය.


එකල අපේ කට සිනාවෙන්ද අපේ දිව ගායනාවෙන්ද පිරුණේය. එකල: ස්වාමීන්වහන්සේ මොවුන් උදෙසා මහත් දේ කළසේකැයි ජාතීන් අතරේ කියනලද්දේය.


තවද යෙරුසලමේ පවුරු හරිගැස්සීම ඉෂ්ටවෙන බවත් එහි බිඳුම් අහුරාගනයන බවත් සන්බලාට්ද ටෝබියාද අරාබිවරුද අම්මොන්වරුද අෂ්දොද්වරුද අසා, ඉතා කෝපවූහ;


අප විසින් පවුර සාදන බව සන්බලාට් ඇසූ විට ඔහු කෝපවී, අතිශයින් උදහස්ව, යුදෙව්වරුන්ට නින්දාකරමින්,


හොරොනිය සන්බලට්ද සේවකයාවූ අම්මොනිය ටෝබියාද ඒ අසා ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ශුභසිද්ධිය දියුණුකරන්ට මනුෂ්‍යයෙකු ආවාට ඉතාමත් අමනාපවූහ.


ඉඳින් මා නුඹලාට කියන්නේ නම්, මේ මනුෂ්‍යයන්ගෙන් වැලකී ඔවුන්ට කිසිවක් නොකරන ලෙසය. මක්නිසාද මේ මන්ත්‍රණය හෝ මේ ක්‍රියාව මනුෂ්‍යයන්ගෙන් වී නම්, ඒක පෙරළාදමනු ලබන්නේය.


සැබවින් යාකොබ්ට විරුද්ධව ශාස්ත්‍රකීමක්වත් ඉශ්‍රායෙල්ට විරුද්ධව පේනකීමක්වත් නැත. දැනුදු යාකොබ් සහ ඉශ්‍රායෙල් ගැන: දෙවියන්වහන්සේ කොපමණ දේ ඉෂ්ටකර තිබේද! කියා කියනු ලැබේ.


උන්වහන්සේ ඔවුන්ගේ චක්‍රරෝද ගැළෙවූසේක, ඔව්හු ඒවා අමාරුවෙන් දැක්කුවෝය. එබැවින් මිසරවරු කථාකොට: අපි ඉශ්‍රායෙල් කෙරෙන් පලායමු; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් උදෙසා මිසරවරුන්ට විරුද්ධව සටන්කරනසේකැයි කීවෝය.


තවද ඒ දවස්වලදී යූදාහි උත්තමයෝ ලියුම් බොහොමයක් ටෝබියාට ඇරියෝය, ටෝබියාගෙන්ද ඔවුන්ට ලියුම් ලැබුණේය.


මා විසින් ඔවුන්ට කරන මුළු යහපත ගැන අසන්නාවූ පොළොවේ සියලු ජාතීන් අතරේ මේ නුවර මට ප්‍රීතිමත් නමක්ද ප්‍රශංසාවක්ද ගෞරවයක්ද වන්නේය, මා විසින් ඊට කරදෙන මුළු යහපත නිසාත් සමාදානය නිසාත් ඔව්හු භයව වෙවුලන්නෝය.


ඒ මනුෂ්‍යයන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ දේශය නුඹලාට දී තිබෙන බවද නුඹලා නිසා භීතිය අප පිට පැමිණ තිබෙන බවද දේශයේ සියලු වැසියන්ගේ සිත් නුඹලා නිසා දියවී තිබෙන බවද දනිමි.


ඒ ඇසූ කෙණෙහිම අපේ සිත් දියවගියේය, නුඹලා නිසා කිසිවෙකු තුළ ධෛර්යයක් තවත් නොවීය. මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේම ඉහළ ස්වර්ගයෙහිද පහත පොළොවෙහිද දෙවියන්වහන්සේය.


එවිට මෙය ඔබගේ හස්තය බවත්, ස්වාමිනි, ඔබ මේක කළ බවත් ඔව්හු දැනගන්නෝය.


සියොන්ට ද්වේෂකරන සියල්ලෝ ලජ්ජාවී ආපසු හරවනු ලබත්වා.


ස්වාමීන්වහන්සේ යෙරුසලම ගොඩනගනසේක; පන්නාදමනු ලැබූ ඉශ්‍රායෙල් සෙනඟ රැස්කරනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්