Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 5:3 - Sinhala Revised Old Version

3 සමහරු: සාගින්න නිසා ධාන්‍ය ලබාගන්න පිණිස අප විසින් අපේ කෙත්ද මිදි වතුද ගෙවල්ද උකස්කරනවායයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 සමහරු, “සාගතය නිසා ධාන්‍ය ලබා ගනු පිණිස අපේ කෙත් ද මිදි වතු ද ගෙවල් ද උකස් තබන්නට අපට සිදු වී තිබේ ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 සමහරු, “සාගතය නිසා ධාන්‍ය ලබා ගනු පිණිස අපේ කෙත් ද මිදි වතු ද ගෙවල් ද උකස් තබන්නට අපට සිදු වී තිබේ ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 5:3
7 හුවමාරු යොමු  

නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹේ යම් නුවරක් තුළ නුඹේ සහෝදරයන්ගෙන් යම් දිළින්දෙක් නුඹ වෙත සිටින්නේ නම්, නුඹ නුඹේ හෘදය දැඩිකරගන්නේවත් නුඹේ දිළිඳු සහෝදරයා වෙතින් නුඹේ අත පියාගන්නේවත් නැතුව,


සමහර දෙනෙක්: අපේ පුත්‍රයන්ද දූවරුන්ද ඇතුළුව අපි බොහෝදෙනෙක් කාලා ජීවත්වෙන පිණිස ධාන්‍ය ලබාගනිමුයයි කීවෝය.


තවත් සමහරෙක්: රජුගේ තීරුව දීමට අපේ බිම්ද මිදිවතුද බැඳ මිල ණයටගතිමු.


ඔවුන්ගේ කෙත්ද මිදි වතුද ඔලීව වතුද ගෙවල්ද, මුදල්වලටත් ධාන්‍යවලටත් මුද්‍රික පානයටත් තෙල්වලටත් නුඹලා ඔවුන්ගෙන් අයකරන සියයෙන් කොටසද, අදම ඔවුන්ට නැවත දෙන්නැයි කීමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්