Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නෙහෙමියා 5:11 - Sinhala Revised Old Version

11 ඔවුන්ගේ කෙත්ද මිදි වතුද ඔලීව වතුද ගෙවල්ද, මුදල්වලටත් ධාන්‍යවලටත් මුද්‍රික පානයටත් තෙල්වලටත් නුඹලා ඔවුන්ගෙන් අයකරන සියයෙන් කොටසද, අදම ඔවුන්ට නැවත දෙන්නැයි කීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 ඔවුන්ගේ කෙත් ද මිදි වතු ද ඔලීව වතු ද ගෙවල් ද මුදල්වලටත් ධාන්‍යවලටත් මුද්‍රික පානයටත් තෙල්වලටත් ඔබ ඔවුන්ගෙන් අය කරන සියයෙන් කොටස ද අද ම ඔවුන්ට ආපසු දෙන්නැ”යි කීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 ඔවුන්ගේ කෙත් ද මිදි වතු ද ඔලීව වතු ද ගෙවල් ද මුදල්වලටත් ධාන්‍යවලටත් මුද්‍රික පානයටත් තෙල්වලටත් ඔබ ඔවුන්ගෙන් අය කරන සියයෙන් කොටස ද අද ම ඔවුන්ට ආපසු දෙන්නැ”යි කීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 5:11
9 හුවමාරු යොමු  

ඔහු මේ ක්‍රියාව කළ බැවින්ද අනුකම්පා නොකළ බැවින්ද ඒ බැටළු වැස්සී වෙනුවට සතරදෙනෙක් දෙන්ට ඕනෑයයි කීවේය.


මමත් මාගේ සහෝදරයොත් සේවකයොත් ඔවුන්ට මුදල්ද ධාන්‍යද පොළියට දෙමින් සිටිමුව. මෙයාකාර පොළීගැනීම අත්හරිමු.


එවිට ඔව්හු: අපි ඒවා නැවත දී, ඔවුන්ගෙන් කිසිත් අය නොකර, ඔබ කියන ලෙසම කරන්නෙමුයයි කීවෝය. එවිට මම පූජකයන්ට අඬගසා, මේ කීම ලෙස කරන්ට ඔවුන් දිවුරවා,


මා විසින් තෝරාගත් උපවාසය නම් දුෂ්ටකමේ විලංගු මුදාහැරීමත්, වියගහේ බැඳුම් ලිහීමත්, බලාත්කාරය විඳින්නන් නිදහස්කර හැරීමත්, සියලුම වියගස් නුඹලා විසින් කඩාදැමීමත් නොවේද?


එබැවින්–ආබ්‍රහම් අපගේ පියාණෝයයි සිතින් කියන්ට පටන් නොගෙන පසුතැවිල්ලට සුදුසු ඵල උපදවන්න. මක්නිසාද මේ ගල්වලින් ආබ්‍රහම්ට දරුවන් උපදවා දෙන්ට දෙවියන්වහන්සේට පුළුවනැයි නුඹලාට කියමි.


නුඹ නොපිරෙවුවාවූ, සියලු යහපත් දේවලින් පිරී තිබෙන ගෙවල්ද නුඹ නොකැපුවාවූ කපා තිබෙන තටාකද නුඹ නොහිටෙවු මිදිවතුද ඔලීව ගස්ද නුඹ විසින් ලබාගන කාලා තෘප්තියට පැමුණුණ කල්හිත්,


මම මෙහිය. මම කාගේ හරකා ගතිම්ද? කාගේ කොටළුවා ගතිම්ද? කාට අයුක්තියක් කෙළෙම්ද? කාට බලාත්කාරකමක් කෙළෙම්ද? මාගේ ඇස් වසාගන්න පිණිස කාගෙන් අල්ලසක් ගතිම්දැයි ස්වාමීන්වහන්සේද උන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාද ඉදිරියෙහි මට විරුද්ධව සාක්ෂි දෙන්න, එවිට මම එය නැවත නුඹලාට දෙන්නෙමියි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්