Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 4:10 - Sinhala Revised Old Version

10 යූදාවරු කථාකොට: බර ගෙනයන්නන්ගේ ශක්තිය හීනවී තිබේ, පස් ගොඩගැසී තිබේ; එබැවින් අපට පවුර ගොඩනගන්ට බැරියයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 ජුදාවරු කතා කොට, “බර ගෙන යන අයගේ ශක්තිය හීන වී තිබේ; කුණුකන්දල් ගොඩගැසී තිබේ. එබැවින් අපට පවුර ගොඩනඟන්නට නොහැකි ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 ජුදාවරු කතා කොට, “බර ගෙන යන අයගේ ශක්තිය හීන වී තිබේ; කුණුකන්දල් ගොඩගැසී තිබේ. එබැවින් අපට පවුර ගොඩනඟන්නට නොහැකි ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 4:10
10 හුවමාරු යොමු  

සේනාවල ස්වාමීන්වහන්සේ කථාකොට: ස්වාමීන්වහන්සේගේ ගෘහය ගොඩනගන්ට නිසි කාලය පැමුණුණේ නැතැයි මේ සෙනඟ කියතියි කීසේක.


මනුෂ්‍ය පුත්‍රය, බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් තීර්ට විරුද්ධව තමාගේ සේනාව ලවා මහත් වැඩක් කෙරෙවුවේය. සියලු හිස් මුඩුවිය, සියලු උරහිස් හමගියේය. එහෙත් ඔහු තීර්ට විරුද්ධව කළ වැඩය නිසා ඔහුටත් ඔහුගේ සේනාවටත් තීර්ගෙන් කුලී ලැබුණේ නැත.


ඔහු ඔවුන්ගෙන් හැත්තෑදාහක් බර අදින පිණිසද අසූ දහසක් කඳුවල ලී කැපීමටද තුන්දහස් හසියයක් සෙනඟ ලවා වැඩකරවන මුලාදෑනීන් කොටද පත්කෙළේය.


ඔව්හු එෂ්කොල් මිටියාවතට ගොස් දේශය දැක ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දුන් දේශයට ඔවුන් නොපැමිණෙන ලෙස ඔවුන්ගේ සිත් කලකිරෙවුවෝය.


එහෙත් ඔහු සමඟ ගිය මනුෂ්‍යයෝ කථාකොට: ඒ සෙනඟට විරුද්ධව යන්ට අපට නොහැකිය; මක්නිසාද ඔවුන් අපට වඩා බලවත්යයි කීවෝය.


ඔව්හු බර උසුලන්නන් කෙරෙහිත් එක එක සේවයේ වැඩය කරන සියල්ලන් කෙරෙහිත් මුලාදෑනියෝව සිටියෝය. ලෙවීවරුන්ගෙන් සමහරු ලියන්නෝව මුලාදෑනියෝව දොරටුපාලයෝව සිටියෝය.


තමාගේ සහෝදරයන් සහ සමාරියේ සේනාව ඉදිරියේදී කථාකොට: මේ බෙලහීන යුදෙව්වෝ මක්කරද්ද? මිනිසුන් ඔවුන්ට ඉඩදෙනවා ඇද්ද? ඔවුන් පූජාකරනවා ඇද්ද? දවසකින් තීන්දුකරනවා ඇද්ද? දවා දමන්ට යෙදුණු ගල් නැවත පස් ගොඩවලින් උපදවාගන්නවා ඇද්දැයි කීවේය.


නුමුත් අපි, අපේ දෙවියන්වහන්සේට යාච්ඤාකොට ඔවුන් නිසා රෑ දාවල් ඔවුන්ට විරුද්ධව මුරතැබීමුව.


අපේ එදිරිකාරයෝ කථාකොට: අප ඔවුන් මැදට පැමිණ ඔවුන් මරා දමා, වැඩේ නවත්වන තුරු, ඔවුන්ට දැනෙන්නේවත් පෙනෙන්නේවත් නැතැයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්