Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 3:7 - Sinhala Revised Old Version

7 ඔවුන් ගාව ගිබියෝනිය මෙලෙටියාද මෙරොනොතිය යාදොන්ද ගිබියොන් සහ මිශ්පාහි මනුෂ්‍යයෝද අලුත්වැඩියාකළෝය, ඔව්හු වනාහි ගඟ මෙගොඩ සිටි දිශාධිපතියාගේ ආණ්ඩුබලය යටතේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ඔවුන්ට පසු ව ගිබියෝනි ජාතික මෙලෙටියා ද මෙරොනොතීය ජාතික ජාදොන් ද ගිබියොන්හි සහ මිශ්පාහි මනුෂ්‍යයෝ ද යුප්‍රටීස් ගඟින් මෙගොඩ සිටි දිශාධිපතීන් උදෙසා අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ඔවුන්ට පසු ව ගිබියෝනි ජාතික මෙලෙටියා ද මෙරොනොතීය ජාතික ජාදොන් ද ගිබියොන්හි සහ මිශ්පාහි මනුෂ්‍යයෝ ද යුප්‍රටීස් ගඟින් මෙගොඩ සිටි දිශාධිපතීන් උදෙසා අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 3:7
7 හුවමාරු යොමු  

(ගිබියොන්වරු ඉශ්‍රායෙල් පුත්‍රයෝ නොව අමෝරිවරුන්ගෙන් ඉතිරිව සිටිය කොට්ඨාසයක්ය; ඉශ්‍රායෙල් පුත්‍රයන් ඔවුන්ට දිවුරුම් දී තිබුණ නුමුත් සාවුල් ඉශ්‍රායෙල් පුත්‍රයන්ටත් යූදාටත් ඇති තමාගේ ජ්වලිතකම නිසා ඔවුන් මරන්ට සෙවුවේය.)


ඔහු ගාව මිශ්පායේ අධිපතියාවූ යේෂුවාගේ පුත්‍රවූ එසෙර් පවුරු කොනේ ආයුධ ගබඩාවේ නැගුම ඉදිරිපිට තව කොටසක් අලුත්වැඩියාකෙළේය.


එවිට ආසා රජ සියලු යූදාවරුන් කැඳවාගන ගොස්, බයෙෂා ගොඩනැගූ රාමාහි ගල්ද ලීද ඔවුන් ලවා ගෙන්වාගෙන, එයින් ගෙබාද මිශ්පාද ගොඩනැගුවේය.


ඔවුන් අර්තක්ෂස්තා රජු වෙතට ලියා ඇරිය ලියුමේ පිටපත මේය: ගඟ මෙගොඩ සිටින මනුෂ්‍යයන් ආදිවූ ඔබගේ දාසයන් විසින් ලියා එවන වග නම්–


ඔටුවන් කෙරෙහි ඉෂ්මායෙලිය ඕබීල්ද කොටළුවන් කෙරෙහි මෙරොනොතිය යේදෙයාද


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්