Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නෙහෙමියා 3:30 - Sinhala Revised Old Version

30 ඔහු ගාව ෂෙලමියාගේ පුත්‍රවූ හනනියාද ශාලාප්ගේ හවෙනි පුත්‍රයාවූ හානූන්ද තව කොටසක් අලුත්වැඩියාකළෝය. ඔහු ගාව බෙරකියාගේ පුත්‍රවූ මෙෂුල්ලාම් තමාගේ ගෙය ඉදිරිපිට අලුත්වැඩියාකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 ඔහුට පසු ව ෂෙලෙමියාගේ පුත් හනනියා ද ශාලාප්ගේ ස වන පුත්‍රයා වූ හානුන් ද තව කොටසක් අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය. ඔවුන්ට පසු ව බෙරෙකියාගේ පුත් මෙෂුල්ලාම් තමාගේ ගෙය ඉදිරිපිට කොටස අලුත්වැඩියා කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 ඔහුට පසු ව ෂෙලෙමියාගේ පුත් හනනියා ද ශාලාප්ගේ ස වන පුත්‍රයා වූ හානුන් ද තව කොටසක් අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය. ඔවුන්ට පසු ව බෙරෙකියාගේ පුත් මෙෂුල්ලාම් තමාගේ ගෙය ඉදිරිපිට කොටස අලුත්වැඩියා කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 3:30
5 හුවමාරු යොමු  

ගබඩාවල් කෙරෙහි පූජකවූ ෂෙලෙමියාද ලියන්නාවූ සාදොක්ද ලෙවීවරුන්ගෙන් පෙදායාද ඔවුන් යටතේ මත්තනියාගේ පුත්‍රයාවූ සක්කූර්ගේ පුත්‍රවූ හානාන්ද ගබඩාකාරයන් කෙළෙමි. මක්නිසාද ඔව්හු විශ්වාස අය කොට සලකනලද්දෝය, තමුන්ගේ සහෝදරයන්ට බෙදාදීම ඔවුන්ට භාරව තිබුණේය.


ඔවුන් ගාව ඉම්මේර්ගේ පුත්‍රවූ ශාදොක් තමාගේ ගෙය ඉදිරිපිට අලුත්වැඩියාකෙළේය. ඔහු ගාව නැගෙනහිර දොරටුවේ රැකවලාවූ ෂෙකනියාගේ පුත්‍රවූ ෂෙමායා අලුත්වැඩියාකෙළේය.


ඔහු ගාව රන්කරුවෙක්වූ මල්කියා හම්මිප්කාද් දොරටුව ඉදිරිපිට නෙතිනීම්වරුන්ගේද වෙළෙන්දන්ගේද ගෙවල් දක්වාත් කොනේ උඩුමහල දක්වාත් අලුත්වැඩියාකෙළේය.


ඔවුන් ගාව හක්කොශ්ගේ පුත්‍රවූ උරියාගේ පුත්‍රයා වන මෙරේමොත් අලුත්වැඩියාකෙළේය. ඔවුන් ගාව මෙෂේසබෙල්ගේ පුත්‍රවූ බෙරෙකියාගේ පුත්‍රයා වන මෙෂුල්ලාම් අලුත්වැඩියාකෙළේය. ඔවුන් ගාව බානාගේ පුත්‍රවූ ශාදොක් අලුත්වාඩියාකෙළේය.


මක්නිසාද ඔහු ආරාගේ පුත්‍රවූ ෂෙකනියාගේ බෑනා නිසාත් ඔහුගේ පුත්‍රවූ යෙහෝහානාන් බෙරෙකියාගේ පුත්‍රවූ මෙෂුල්ලාම්ගේ දුව පාවාගත් නිසාත් යූදාහි බොහෝ දෙනෙක් ඔහු සමඟ දිවුරුමකින් බැඳී සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්