Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 3:16 - Sinhala Revised Old Version

16 ඔහු ගාව බෙත්-ශූර් පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියාවූ අශ්බුක්ගේ පුත්‍රවූ නෙහෙමියා දාවිත්ගේ සොහොන්පළවල් ඉදිරිපිටට පැමිණෙන තුරුත් සාදනලද පොකුණ දක්වාත් බලවතුන්ගේ ගෙය දක්වාත් අලුත්වැඩියාකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 ඔහුට පසු ව බෙත්-ශුර් පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියා වූ අශ්බුක්ගේ පුත් නෙහෙමියා දාවිත්ගේ සොහොන ඉදිරිපිටට පැමිණෙන තුරුත්, සාදන ලද පොකුණ දක්වාත්, බලවතුන්ගේ ගෙය දක්වාත් අලුත්වැඩියා කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 ඔහුට පසු ව බෙත්-ශුර් පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියා වූ අශ්බුක්ගේ පුත් නෙහෙමියා දාවිත්ගේ සොහොන ඉදිරිපිටට පැමිණෙන තුරුත්, සාදන ලද පොකුණ දක්වාත්, බලවතුන්ගේ ගෙය දක්වාත් අලුත්වැඩියා කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 3:16
18 හුවමාරු යොමු  

සහෝදරයෙනි, කුලජ්‍යෙෂ්ඨවූ දාවිත් මැරී තැන්පත්කරනු ලැබූ බව භය නැතුව කියන්ට පුළුවන, ඔහුගේ සොහොන්ගෙය අද දක්වා අප අතරේ තිබේ.


ඔහු ගාව යෙරුසලම් පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියාවූ හල්ලොහෙෂ්ගේ පුත්‍රවූ ෂල්ලුම්ද ඔහුගේ දූවරුද අලුත්වැඩියාකළෝය.


ඔවුන් ගාව යෙරුසලම් පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියාවූ හූර්ගේ පුත්‍රවූ රෙපායා අලුත්වැඩියාකෙළේය.


හෙසකියාගේ අනික් ක්‍රියාද ඔහුගේ සියලු බලවන්තකම්ද ඔහු පොකුණ සහ ජල කාණුවත් සාදා නුවරට වතුර ගෙනා හැටිද යූදාහි රජුන්ගේ ලේකම පොතේ ලියා තිබෙනවා නොවේද?


පරණ පොකුණේ වතුරට පවුරු දෙක අතරේ ජලාශයක් සෑදුවහුය. එහෙත් ඒක කළ තැනන්වහන්සේ දෙස නුඹලා බැලුවේවත් මීට බොහෝ කලකට පළමුවෙන් ඒක තැනූ තැනන්වහන්සේ සැලකුවේවත් නැත.


එකල ස්වාමීන්වහන්සේ යෙසායාට කථාකොට: නුඹ සහ නුඹේ පුත්‍රවූ ෂෙයාර්-යාෂුබ් ආහාස් සම්බවෙන්ට අපුල්ලන්නන්ගේ පිටියේ මාවතෙහි ඉහළ පොකුණේ කාණුවේ කෙළවරට ගොස් ඔහුට කථාකොට:


කසළ දොරටුව බෙත්-හක්කෙරෙම් පළාතේ අධිපතියාවූ රේකාබ්ගේ පුත්‍රවූ මල්කියා අලුත්වැඩියාකෙළේය; ඔහු ඒක ගොඩනගා ඒකේ දොරවල් හා තහඩුද අගුළ්ද තැබුවේය.


හල්හුල්ද බෙත්-ශුර්ද ගෙදෝර්ද,


බලව, ඒ සාලමොන්ගේ දෝලාවය; ඉශ්‍රායෙල් බලවතුන්ගෙන් බලවන්තයන් සැටදෙනෙක් එය පිරිවරා සිටිති.


ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තමාට කපාගන තිබුණු ඔහුගේම සොහොන් ගෙයි ඔහු තැන්පත්කළෝය, යළිත් තෛල මිශ්‍රකරන්නාගේ ශාස්ත්‍රය ලෙස පිළියෙළකළ නොයෙක් ආකාර සුවඳ ද්‍රව්‍යයෙන් පිරූ යහනේ ඔහු තැබූහ. ඔව්හු ඔහු උදෙසා ඉතා මහත් ගිනිමැලයක් දැල්වුවෝය.


බෙත්-ශූර්, සෝකෝ, අදුල්ලාම්,


මායොන් ෂම්මයිගේ පුත්‍රයාය; මායොන් බෙත්-ශුර්ගේ පියාය.


ඔහු ගාව ලෙවීවරු බානීගේ පුත්‍රවූ රෙහුම් [යටතේ] අලුත්වැඩියාකළෝය. ඔහු ගාව කෙයිලා පළාතෙන් දෙකෙන් කොටසකට හෂබියා තමාගේ පළාත වෙනුවට අලුත්වැඩියාකෙළේය.


ගස් වවන තවානට වතුර වත්කරන පිණිස මම දිය පොකුණු සාදාගතිමි.


දාවිත්ගේ නුවර බිඳුම් බොහෝ බව නුඹලා දැක පහළ පොකුණේ දිය රැස්කළහුය.


පසුව උල්පත් දොරටුව සහ රජ පොකුණ ළඟට ගියෙමි. නුමුත් මා නැගී උන් සතාට යන්ට ඉඩ නොතිබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්