Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 13:26 - Sinhala Revised Old Version

26 ඔවුන්ට කථාකොට: ඉශ්‍රායෙල් රජවූ සාලමොන් මේ දේ කිරීමෙන් පව්කළා නොවේද? බොහෝ ජාතීන් අතරේ ඔහුට සමාන රජෙක් සිටියේ නැත, ඔහුගේ දෙවියන්වහන්සේද ඔහුට ප්‍රේමකොට මුළු ඉශ්‍රායෙල් කෙරෙහි ඔහු රජකළසේක. එසේ වී නුමුත් ඔහු පවා අන්‍ය ජාතී ස්ත්‍රීන් විසින් පව්කරන්ට සලස්වනලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 මම ඔවුන් අමතා මෙසේ කීවෙමි: “ඉශ්රායෙල් රජු වූ සලමොන් මේ දේ කිරීමෙන් පව් කළා නොවේ ද? බොහෝ ජාතීන් අතරේ ඔහුට සමාන රජෙක් සිටියේ නැත; ඔහුගේ දෙවියන් වහන්සේ ද ඔහුට ප්‍රේම කොට මුළු ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් ඔහු පත් කළ සේක. එසේ වී නමුත්, ඔහු පවා අන්‍ය ජාතික ස්ත්‍රීන් විසින් පාපයට පොළඹවන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 මම ඔවුන් අමතා මෙසේ කීවෙමි: “ඉශ්රායෙල් රජු වූ සලමොන් මේ දේ කිරීමෙන් පව් කළා නොවේ ද? බොහෝ ජාතීන් අතරේ ඔහුට සමාන රජෙක් සිටියේ නැත; ඔහුගේ දෙවියන් වහන්සේ ද ඔහුට ප්‍රේම කොට මුළු ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් ඔහු පත් කළ සේක. එසේ වී නමුත්, ඔහු පවා අන්‍ය ජාතික ස්ත්‍රීන් විසින් පාපයට පොළඹවන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 13:26
10 හුවමාරු යොමු  

ඇරත් නුඹේ සියලු දවස්වලදී රජවරුන් අතරේ නුඹට සමාන කෙනෙක් නොවන ලෙස ධනයද ගෞරවයද යන නුඹ නොඉල්ලූ දේත් නුඹට දුනිමි.


එවිට මලපත් සහ දැල් වැනි සිතක්ද බැඳුම් වැනි අත්ද ඇති ස්ත්‍රිය මරණයට වඩා තික්ත බව දැනගතිමි. දෙවියන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව සිටින්නා ඇගෙන් ගැළවෙන්නේය; නුමුත් පව්කාරයා ඈට අසුවන්නේය.


ප්‍රඥාවත් දැනගැන්මත් නුඹට දුනිමි; තවද නුඹට පළමුවෙන් සිටි කොයි යම් රජකෙනෙකුටවත් නොතිබුණාවූ, නුඹට පසුව කොයි රජ කෙනෙකුටවත් නොලැබෙන තරම් වස්තුවත් සම්පතත් ගෞරවයත් නුඹට දෙන්නෙමියි කීසේක.


මෙසේ සාලමොන් රජ වස්තුවෙනුත් ප්‍රඥාවෙනුත් පොළොවේ සියලු රජවරුන්ට වඩා උතුම්ව සිටියේය.


නුඹේ ශක්තිය ස්ත්‍රීන්ටත් නුඹේ මාර්ග රජවරුන් නාස්ති කරන්නියන්ටත් නොදෙන්න.


මම නුඹේ වචනය ලෙස කෙළෙමි. නුඹට සමාන කෙනෙක් නුඹට පළමුවෙන් සිටියේවත් නුඹට පසුව නැගිටින්නේවත් නැති ලෙස ප්‍රඥාවන්ත නුවණැති සිතක් නුඹට දුනිමි.


සාලමොන් රජු මුළු ඉශ්‍රායෙල් කෙරෙහි රජව සිටියේය.


(සැබවින්ම තමාගේ භාර්යාවවූ යෙසෙබෙල් විසින් පොළඹවනු ලැබ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණුදේ කරන්ට තමාම භාරවුණාවූ ආහබ්ට සමාන කිසිවෙක් නොසිටියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්