Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නෙහෙමියා 13:19 - Sinhala Revised Old Version

19 තවද සබත් දවසට ඉස්සරින් යෙරුසලමේ දොරටුවලට අඳුර වැටෙන කල දොරවල් පියන්ටත්, සබත් දවස පසුවෙන තුරු ඒවා නාරින්ටත් අණකර, සබත් දවසේ කිසි බරක් ඇතුළට නොගෙනෙන පිණිස මාගේ මෙහෙකරුවන්ගෙන් සමහරෙකු දොරටු ළඟ සිටෙවුවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 තවද, මම සබත් දවසට පෙර ජෙරුසලමේ දොරටුවලට අඳුර වැටෙන කල දොරටු වසා තබන්නටත්, සබත් දවස පසු වන තුරු ඒවා නාරින්නටත් අණ කර, සබත් දවසේ කිසි බරක් ඇතුළට නොගෙනෙන පිණිස මාගේ මෙහෙකරුවන්ගෙන් සමහරෙකු දොරටු ළඟ සිටෙවුවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 තවද, මම සබත් දවසට පෙර ජෙරුසලමේ දොරටුවලට අඳුර වැටෙන කල දොරටු වසා තබන්නටත්, සබත් දවස පසු වන තුරු ඒවා නාරින්නටත් අණ කර, සබත් දවසේ කිසි බරක් ඇතුළට නොගෙනෙන පිණිස මාගේ මෙහෙකරුවන්ගෙන් සමහරෙකු දොරටු ළඟ සිටෙවුවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 13:19
7 හුවමාරු යොමු  

ඒ නිසා වෙළෙන්දෝද සියලු ආකාර බඩු විකුණන්නෝද වරක් දෙවරක් යෙරුසලමෙන් පිට නැවතුණේය.


මම ඔවුන්ට කථාකොට: අව්ව සැරවෙන තුරු යෙරුසලමේ දොරවල් අරින්ට නොදෙන්න; ඔවුන් මුරකරන අතරම දොරවල් වසා පොලු දමන්ට යෙදේවා. යෙරුසලමේ වැසියන්ගෙන් මුරකාරයන් එක් එක් කෙනා වශයෙන් තම තමාගේ ගෙය ඉදිරිපිට මුරට සිටුවන්නැයි කීවෙමි.


නුඹලාගේ දේශයේ ගොයම් කපන කල නුඹේ කෙතේ මුලුවලින් සහමුලින් කපා නොගන්න, වැටී තිබෙන කරල් එකතුකර නොගන්න. ඒවා දිළිඳුන්ට හා විදේශීන්ට අරින්න. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේයයි කීසේක.


ඒක නුඹලාට ගරුමය නිවාඩුවක් වන සබතක්ය, නුඹලාගේ ආත්මවලට දුක්දෙන්න. මාසේ නවවෙනි දින සවස එනම් සවස පටන් සවස දක්වා නුඹලාගේ සබත් පවත්වන්න කීසේක.


ඒ දවස සබත් දවසය. එහෙයින් යුදෙව්වරු: අද සබත් දවසය, යහන රැගෙන යන්ට යුතු නැතැයි සුවකරනු ලැබූ මනුෂ්‍යයාට කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්