Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 13:16 - Sinhala Revised Old Version

16 තීර්වරුත් එහි වාසයකොට මාලු සහ සියලු ආකාර බඩු ගෙනැවිත් යූදා පුත්‍රයන්ටත් යෙරුසලමෙහිත් සබත් දවසේදී වික්කෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 ජෙරුසලමේ විසූ තීර්වරු මාළු සහ සියලු ආකාර බඩු ගෙනවුත් ජුදාහි සෙනඟට පමණක් නොව, ජෙරුසලමෙහිත් සබත් දවසේ දී වික්කෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 ජෙරුසලමේ විසූ තීර්වරු මාළු සහ සියලු ආකාර බඩු ගෙනවුත් ජුදාහි සෙනඟට පමණක් නොව, ජෙරුසලමෙහිත් සබත් දවසේ දී වික්කෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 13:16
5 හුවමාරු යොමු  

සදවසක් නුඹේ වැඩ කරගන්න, එහෙත් නුඹේ ගවයාට සහ නුඹේ කොටළුවාට නිවාඩු ලැබෙන පිණිසද නුඹේ වැඩකාරීගේ පුත්‍රයා සහ විදේශියාත් පහසු ලබන පිණිසද සත්වෙනි දවසේ නිවාඩුගන්න.


නමුත් සත්වෙනි දවස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පවත්වන සබතක්ය. ඒ දවසේ නුඹ මෙන් නුඹේ වැඩකාරයාත් නුඹේ වැඩකාරීත් නිවාඩු ගන්න පිණිස නුඹවත් නුඹේ පුතාවත් නුඹේ දුවවත් නුඹේ වැඩකාරයාවත් නුඹේ වැඩකාරීවත් නුඹේ ගවයාවත් නුඹේ කොටළුවාවත් නුඹේ කිසි සිව්පාවෙක්වත් නුඹේ දොරටු ඇතුළත සිටින ආගන්තුකයාවත් කිසි වැඩක් නොකරව්.


එහෙත් සත්වෙනි දවස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පවත්වන සබතක්ය. ඒ දවසේ නුඹවත් නුඹේ පුත්‍රයාවත් නුඹේ දුවවත් නුඹේ වැඩකාරයාවත් නුඹේ වැඩකාරීවත් නුඹේ සිව්පාවෝවත් නුඹේ දොරටු ඇතුළත සිටින ආගන්තුකයාවත් කිසි වැඩක් නොකරව්.


ඒ දවස්වලදී යූදාහි සමහරුන් සබත් දවසේ මුද්‍රික යන්ත්‍රය පාගන බවත්, ගොයම් මිටි ගෙනැවිත් ඒවා සහ මුද්‍රිකපානයද මුද්‍රික වලුද අත්තික්කා ඵලද සියලු ආකාර බරද කොටළුවන් පිට පටවාගෙන සබත් දවසේදී යෙරුසලමට ගෙනෙන බවත් මම දැක, ඔවුන් ආහාර විකුණන දවසේදී ඔවුන්ට තරවටුකෙළෙමි.


එබැවින් මම යූදාහි උත්තමයන්ට තරවටුකරමින්: සබත් දවස දූෂ්‍යකොට නුඹලා කරන මේ නපුරු ක්‍රියාව මොකද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්