Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 13:15 - Sinhala Revised Old Version

15 ඒ දවස්වලදී යූදාහි සමහරුන් සබත් දවසේ මුද්‍රික යන්ත්‍රය පාගන බවත්, ගොයම් මිටි ගෙනැවිත් ඒවා සහ මුද්‍රිකපානයද මුද්‍රික වලුද අත්තික්කා ඵලද සියලු ආකාර බරද කොටළුවන් පිට පටවාගෙන සබත් දවසේදී යෙරුසලමට ගෙනෙන බවත් මම දැක, ඔවුන් ආහාර විකුණන දවසේදී ඔවුන්ට තරවටුකෙළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 ඒ දවස්වල දී ජුදාහි සමහරුන් සබත් දවසේ මුද්‍රික යන්ත්‍රය පාගන බවත්, ගොයම් මිටි ගෙනවුත් ඒවා සහ මුද්‍රික පානය ද මිදි වලු ද අත්තික්කා පල ද සියලු ආකාර බර ද කොටළුවන් පිට පටවාගෙන සබත් දවසේ දී ජෙරුසලමට ගෙනෙන බවත් මම දිටිමි. එහෙයින් සබත් දවසේ දී කිසිවක් නොවිකුණන ලෙස මම තරයේ කියා සිටියෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 ඒ දවස්වල දී ජුදාහි සමහරුන් සබත් දවසේ මුද්‍රික යන්ත්‍රය පාගන බවත්, ගොයම් මිටි ගෙනවුත් ඒවා සහ මුද්‍රික පානය ද මිදි වලු ද අත්තික්කා පල ද සියලු ආකාර බර ද කොටළුවන් පිට පටවාගෙන සබත් දවසේ දී ජෙරුසලමට ගෙනෙන බවත් මම දිටිමි. එහෙයින් සබත් දවසේ දී කිසිවක් නොවිකුණන ලෙස මම තරයේ කියා සිටියෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 13:15
31 හුවමාරු යොමු  

දේශයේ ජනයන් විකිණීමට බඩු හෝ ආහාර හෝ සබත් දවසේ ගෙනාවොත් ඒවා සබත් දවසේවත් ශුද්ධ දවසකවත් ඔවුන්ගෙන් මිලේට නොගන්නා හැටියටත්, හත්වෙනි අවුරුද්දේ පල ප්‍රයෝජන සහ සියලු ණයද අත්හරින හැටියටත් ශාපයකින් හා දිවුරුමකින් බැඳුණෝය.


මම ඔවුන්ට තරවටුකොට: නුඹලා පවුර ළඟ නවතින්නේ මක්නිසාද? නුඹලා නැවත එසේ කළොත් නුඹලා අල්ලාගන්නෙමියි ඔවුන්ට කීවෙමි. එතැන් පටන් ඔව්හු සබත් දවසේදී නාවෝය.


නුඹ සදවසක් වැඩකොට සත්වෙනි දින නිවාඩු ගත යුතුය. හාන කාලයෙත් ගොයම් කපන කාලයෙත් ඒ දින නිවාඩු ගත යුතුය.


නුඹ මාගේ ශුද්ධ දවසේදී නුඹේම කැමැත්ත නොකරන හැටියට නුඹේ පාද සබත් දවසේදී නවත්වාගන, සබත් දවස ප්‍රිය එකක්ය කියාද ස්වාමීන්වහන්සේගේ ශුද්ධ දවස ගෞරවණීය එකක්ය කියාද කියන්නෙහි නම්, නුඹේම මාර්ගවල නොහැසිර නුඹේම කැමැත්ත නොසොයා, හිස් වචන කථා නොකර, ඊට ගෞරවකරන්නෙහි නම්,


නුමුත් ඉශ්‍රායෙල් වංශය කාන්තාරයේදී මට විරුද්ධව කැරළිගසා, මාගේ පනත් ප්‍රකාර නොහැසිර, මාගේ විනිශ්චයන් එපාකළෝය; මනුෂ්‍යයෙක් ඒවා පවත්වන්නේ නම් ඔහු එයින් ජීවත්වන්නේය; ඔව්හු මාගේ සබත් බොහෝසෙයින් කෙලසුවෝය. එවිට ඔවුන් නැතිකරදැමීමට කාන්තාරයේදී මාගේ කෝපය ඔවුන් පිටට වගුරුවන්ට සිතුවෙමි.


නුමුත් සබත් දවස ශුද්ධලෙස පවත්වන හැටියටද සබත් දවසේදී බරක් උසුලාගෙන යෙරුසලමේ දොරටුවලට ඇතුල්නොවන හැටියටද නුඹලා මට ඇහුම්කන් නුදුන්නොත්, මම එහි දොරටුවල ගින්නක් අවුළවන්නෙමි, එය නොනිවී යෙරුසලමේ මාළිගා දවාදමන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


නුමුත් නුඹලා සබත් දවසේදී මේ නුවර දොරටුවලින් කිසි බරක් නොගෙනෙන හැටියට මට ඇහුම්කන්දී, සබත් දවසේදී කිසිම වැඩක් නොකොට, ඒක ශුද්ධලෙස පැවැත්තුවොත්,


තවද නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිනැති කොට අන් දෙවිවරුන් පස්සේ ගොස්, ඔවුන්ට සේවය කොට නමස්කාරකරන්නෙහිනම්, නුඹලා සැබවින් විනාශ වෙන බවට අද මම නුඹලාට විරුද්ධව සාක්ෂිදෙමි.


සදවසක් වැඩකළ යුතුය, එහෙත් සත්වෙනි දින නුඹලාට ස්වාමීන්වහන්සේ උදෙසා ගරුමයවූ නිවාඩුවේ සබතක් වන ශුද්ධවූ දවසක්ව තිබෙන්ට ඕනෑය. එදින කිසි වැඩක් කරන කවරෙක් නුමුත් මරනුලබන්නේය.


ඔබගේ ව්‍යවස්ථාවට ඔවුන් හරවාගන්ට ඔබ ඔවුන්ට අවවාදකළසේක. එහෙත් ඔව්හු උඩඟුකම්කර, ඔබගේ ආඥාවලට ඇහුම්කන්නොදී, මනුෂ්‍යයා ජීවත්වෙන පිණිස ඔහු විසින් කළ යුතුවූ ඔබගේ විනිශ්චයවලට විරුද්ධව පව්කොට, පෙරළිකාර කරක් ඇතුව, තමුන්ගේ කුළල් තදකරගන, ඇහුම්කන්නොදී සිටියෝය.


මේ කාරණය ගැන කිසිවෙක් තමාගේ සහෝදරයා රවටා වාසියක් නොගැනීමත්ය. මක්නිසාද අපි පළමු නුඹලාට කියා සාක්ෂිදුන් ලෙස, ස්වාමීන්වහන්සේ එබඳුවූ සියල්ල ගැන පළිගන්න කෙනෙක්ය.


එබැවින් අන්‍යජාතීන් තමුන්ගේ සිත්වල නිෂ්ඵලකමින් හැසිරෙන්නාක්මෙන්, නුඹලා තවත් නොහැසිරෙන්නැයි ස්වාමීන්වහන්සේ තුළ සාක්ෂිදෙමින් කියමි.


එසේය, චර්මඡේද්‍යය ලබන සෑමදෙනම මුළු ව්‍යවස්ථාව පැවැත්වීමට ණයකාරයෝව සිටින්නෝයයි නැවත සාක්ෂිදෙමි.


දෙවියන්වහන්සේ කෙරෙහි පසුතැවිල්ලත් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලත් ගැන යුදෙව්වරුන්ට හා ග්‍රීක්වරුන්ට සාක්ෂිදුනිමි.


වෙනත් බොහෝ වචනවලින් සාක්ෂිදී: මේ වංක පරම්පරාවෙන් ගැළවෙන්නය කියමින් අවවාදකෙළේය.


මාගේ සෙනඟෙනි, මම නුඹලාට කුමක් කෙළෙම්ද? කුමකින් නුඹ වෙහෙසුවෙම්ද? මට විරුද්ධව සාක්ෂි දෙන්න.


යූදාහි ඉතිරිව සිටින ජනයෙනි, ස්වාමීන්වහන්සේ නුඹලා ගැන කථාකළසේක. මිසරයට නොයන්න; මා අද නුඹලාට අවවාදකළ බව හොඳාකාරයෙන්ම දැනගන්න.


එම්බා, මාගේ සෙනඟෙනි, අසව්, මම කථාකරන්නෙමි; එම්බා, ඉශ්‍රායෙල්, නුඹට විරුද්ධව සාක්ෂි දෙන්නෙමි. මම දෙවියන්වහන්සේය, එසේය, නුඹේ දෙවියන්වහන්සේය.


නුමුත් ඔවුන් ස්වාමීන්වහන්සේ වෙතට හරවන පිණිස උන්වහන්සේ ප්‍රොපේතවරුන් ඔවුන් අතරට එවූ සේක; ඒ ප්‍රොපේතවරුන් ඔවුන්ට අවවාදකළ නුමුත් ඔව්හු ඇහුම්කන් නුදුන්නෝය.


තීර්වරුත් එහි වාසයකොට මාලු සහ සියලු ආකාර බඩු ගෙනැවිත් යූදා පුත්‍රයන්ටත් යෙරුසලමෙහිත් සබත් දවසේදී වික්කෝය.


ව්‍යවස්ථාව අත්හරින්නෝ දුෂ්ටයන්ට ප්‍රශංසාකෙරෙති; එහෙත් ව්‍යවස්ථාව පවත්වන්නෝ ඔවුන්ට විරුද්ධව සිටිති.


ඒඵාව කුඩාකර, ෂෙකෙල මහත්කර, හොර තරාදිවලින් වංචාකම්කරන්නාවූ, දුප්පතුන් රිදීවලටද දිළින්දා වහන් සඟළකටද ගන්ටත් බොල් ධාන්‍ය විකුණන්ටත් ලැබෙන හැටියට,


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:


එබැවින් ඉශ්‍රායෙල් පුත්‍රයන් තමුන්ගේ පරම්පරාවල නිරන්තර ගිවිසුමක් කොට සබත් පවත්වමින් සබත් දවස රක්ෂාකළ යුතුය.


තවද අපේ දෙවියන්වහන්සේගේ ගෘහයේ සේවයවූ සබත් දවස්වලද අමාවක්වලද පිදීමේ රොටි සඳහාත් නිරන්තර ආහාර පූජාව සඳහාත්, නිරන්තර දවන පූජාව සඳහාත් නියම මංගල්‍ය සඳහාත්, ඉශ්‍රායෙල් උදෙසා සමගිකම්කිරීමේ පාප පූජා සඳහාත්,


ඌ නුඹේ අස්වැන්න ගෙනැවිත් නුඹේ පාවරට එකතුකරනවා ඇත කියා නුඹ ඌ කෙරෙහි විශ්වාසය තබන්නෙහිද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්