Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 13:13 - Sinhala Revised Old Version

13 ගබඩාවල් කෙරෙහි පූජකවූ ෂෙලෙමියාද ලියන්නාවූ සාදොක්ද ලෙවීවරුන්ගෙන් පෙදායාද ඔවුන් යටතේ මත්තනියාගේ පුත්‍රයාවූ සක්කූර්ගේ පුත්‍රවූ හානාන්ද ගබඩාකාරයන් කෙළෙමි. මක්නිසාද ඔව්හු විශ්වාස අය කොට සලකනලද්දෝය, තමුන්ගේ සහෝදරයන්ට බෙදාදීම ඔවුන්ට භාරව තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 මම ඒ ගබඩා පූජක වූ ෂෙලෙමියාට ද ලේකම්වරයා වූ ශාදොක්ට ද ලෙවීවරුන්ගෙන් පෙදායාට ද ඔවුන්ගේ සහකාර මත්තනියාගේ පුත් ශක්කුර්ගේ පුත් හනාන්ට ද බාර කෙළෙමි. කුමක් නිසාද, ඔව්හු විශ්වාස අය ලෙස සලකන ලද්දෝ ය. තමන්ගේ සහෝදරයන්ට හිමි කොටස් බෙදා දීම ඔවුන්ගේ යුතුකම විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 මම ඒ ගබඩා පූජක වූ ෂෙලෙමියාට ද ලේකම්වරයා වූ ශාදොක්ට ද ලෙවීවරුන්ගෙන් පෙදායාට ද ඔවුන්ගේ සහකාර මත්තනියාගේ පුත් ශක්කුර්ගේ පුත් හනාන්ට ද බාර කෙළෙමි. කුමක් නිසාද, ඔව්හු විශ්වාස අය ලෙස සලකන ලද්දෝ ය. තමන්ගේ සහෝදරයන්ට හිමි කොටස් බෙදා දීම ඔවුන්ගේ යුතුකම විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 13:13
20 හුවමාරු යොමු  

තවද මම මාගේ සහෝදරවූ හනානිද බලකොටුවේ අධිපතියාවූ හනනියාද යෙරුසලම කෙරෙහි පත්කෙළෙමි. මක්නිසාද හනනියා විශ්වාසවූ බොහෝ මිනිසුන්ට වඩා දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ මනුෂ්‍යයෙක්ව සිටියේය.


එසේ වී නුමුත් ඔවුන් විශ්වාසලෙස කටයුතු කළ බැවින් ඔවුන් අතට දුන් මුදල් ගැන ඔවුන්ගෙන් ගණන් ගැනීමක් නොවූයේය.


ඇරත් මෙහිදී ගබඩාකාරයන්ගෙන් ඕනෑකරන්නේ එක එක මනුෂ්‍යයා විශ්වාසව සිටීමය.


එහෙයින්, සහෝදරයෙනි, මේ වැඩට අප විසින් පත්කරන පිණිස යහපත්යයි ප්‍රසිද්ධවූ, ආත්මයෙන්ද ප්‍රඥාවෙන්ද පූර්ණවූ මනුෂ්‍යයන් සත්දෙනෙකු නුඹලා අතරෙන් සොයාගන්න.


ඒ දවස්වලදී ගෝලයන්ගේ ගණන වැඩිවෙන කල, දවස්පතා කෙරුණු උපස්ථානයේදී හෙල්ලීන යුදෙව්වරුන්ගේ වැන්දඹුවන් නොසලකනු ලැබූ නිසා හෙබ්‍රෙව්වරුන්ට විරුද්ධව කෙඳිරීමක් විය.


ඒ දවසේ පූජකයන්ටත් ලෙවීවරුන්ටත් ව්‍යවස්ථාවෙන් නියමවූ කොටස් නුවරවල කෙත්වල හැටියට ගබඩා ගෙවල්වල රැස්කර තබන පිණිස ඒවා කෙරෙහි එසවීම් පූජාද ප්‍රථම ඵලද ඔතුද සම්බන්ධව මනුෂ්‍යයෝ පත්වුණෝය. මක්නිසාද සේවයකරමින් සිටි පූජකයන්ද ලෙවීවරුන්ද ගැන යූදාවරු සන්තෝෂවූවෝය.


තවද වැඩකරන්නන්ට දෙන්ට මිල භාරදෙනු ලැබූ මනුෂ්‍යයන් විශ්වාස ලෙස කටයුතුකළ බැවින් ඔවුන්ගෙන් ගණනක් නොගන්නා ලද්දේය.


තවද ඔව්හුද පළමුකොට සෝදිසිකරනු ලැබ, ඉන්පසු නිදොස්නම්, උපස්ථායකයන් මෙන් මෙහෙකරත්වා.


මම විශ්වාසයෙකැයි ගණන්ගෙන තමන්වහන්සේගේ සේවයට අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මා පත්කළ බැවින් මට බලය දුන්නාවූ උන්වහන්සේට ස්තුතිකරමි.


ප්‍රේරිතයන්ගේ පාමුල තැබුවෝය. එකල එකිනෙකාගේ වුවමනාවේ හැටියට බෙදාදෙන ලද්දේය.


එකල ස්වාමීන්වහන්සේ කියනසේක්: ඉඳින් ස්වාමියා විසින් තමාගේ ගෙයි වැසියන්ට නියම වේලාවට කෑම කොටස දෙන්ට ඔවුන් කෙරේ පත්කරන විශ්වාසවූ නුවණ ඇති ගබඩාකාරයා කවුද?


නළා ඇතිව පූජකයන්ගේ පුත්‍රයන්ගෙන් සමහරෙක් එනම් ආසාප්ගේ පුත්‍රවූ සක්කූර්ගේ පුත්‍රයා වන මීකායාගේ පුත්‍රවූ මත්තනියාගේ පුත්‍රයා වන ෂෙමායාගේ පුත්‍රවූ යෝනාතාන්ගේ පුත්‍රයා වන සෙකරියා සහ,


යෙරුසලමෙහි සිටි ලෙවීවරුන්ගේ මුලාදෑනියා නම් ගීතිකාකාරයන් වන ආසාප්ගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ මීකාගේ පුත්‍රවූ මත්තනියාගේ පුත්‍රයා වන හෂබියාගේ පුත්‍රවූ බානීගේ පුත්‍රයා වන උස්සීය; ඔහු දෙවියන්වහන්සේගේ ගෘහයේ වැඩපළ කෙරෙහි පත්ව සිටියේය.


සක්කූර්ද ෂේරෙබියාද ෂෙබනියාද;


ඒ පිණිස සාදනලද ලී මංචකයක් පිට ලියන්නාවූ එස්රා සිටියේය; ඔහු ළඟ ඔහුගේ දකුණු පැත්තෙන් මත්තිතියාද ෂෙමාද අනායාද උරියාද හිල්කියාද මයසේයාද; වම් පැත්තෙන් පෙදායාද මිෂායෙල්ද මල්කියාද හාෂූම්ද හෂ්බද්දානාද ශෙකරියාද මෙෂුල්ලාම්ද සිටියෝය.


ඔහු ගාව ෂෙලමියාගේ පුත්‍රවූ හනනියාද ශාලාප්ගේ හවෙනි පුත්‍රයාවූ හානූන්ද තව කොටසක් අලුත්වැඩියාකළෝය. ඔහු ගාව බෙරකියාගේ පුත්‍රවූ මෙෂුල්ලාම් තමාගේ ගෙය ඉදිරිපිට අලුත්වැඩියාකෙළේය.


ලෙවීවරුන් ඒ කොටස්වලින් දසයෙන් කොටසක් අපේ දෙවියන්වහන්සේගේ ගෘහයේ ගබඩාවේ ඇතුල් ගෙවලට ගෙනෙන පිණිස දසයෙන් කොටසක් දෙන විට ආරොන්ගේ පුත්‍රයෙක්වූ පූජකයෙක් ඔවුන් සමඟ සිටින හැටියටත් නියමකරගතිමු.


අපරාධ පූජා සහ පාප පූජා උදෙසා දුන් මිල ස්වාමීන්වහන්සේගේ ගෘහයට නොගෙනෙනලද්දේය. ඒ මිල පූජකයන්ගේ විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්