Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 12:47 - Sinhala Revised Old Version

47 සියලුම ඉශ්‍රායෙල්වරුද යෙරුබ්බාබෙල්ගේ දවස්වලත් නෙහෙමියාගේ දවස්වලත් දවසින් දවස ගීතිකාකාරයන්ගෙත් දොරටුපාලයන්ගෙත් කොටස් සහ ලෙවීවරුන්ට කැපකළ යුතුවූ දේවලුත් දුන්නෝය; ලෙවීවරුද ආරොන්ගේ පුත්‍රයන්ට කැපකළ යුතුවූ දේවල් දුන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

47 සියලු ම ඉශ්රායෙල්වරු ද සෙරුබ්බාබෙල්ගේ දවස්වලත්, නෙහෙමියාගේ දවස්වලත් දිනපතා ගායකයන්ගේත්, දොරටු පාලකයන්ගේත් කොටස් සහ ලෙවීවරුන්ට කැප කළ යුතු දේත් දුන්හ. ලෙවීවරු ද ආරොන්ගේ පුත්‍රයන්ට කැප කළ යුතු දේ දුන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

47 සියලු ම ඉශ්රායෙල්වරු ද සෙරුබ්බාබෙල්ගේ දවස්වලත්, නෙහෙමියාගේ දවස්වලත් දිනපතා ගායකයන්ගේත්, දොරටු පාලකයන්ගේත් කොටස් සහ ලෙවීවරුන්ට කැප කළ යුතු දේත් දුන්හ. ලෙවීවරු ද ආරොන්ගේ පුත්‍රයන්ට කැප කළ යුතු දේ දුන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 12:47
14 හුවමාරු යොමු  

වාක්‍යය ඉගෙනගන්නා උගන්වන්නාට සියලු යහපත් දෙයින් දේවා.


මොව්හු යොශාදාක්ගේ පුත්‍රවූ යේෂුවාගේ පුත්‍රයා වන යෝයාකීම්ගේ දවස්වලද දිශාධිපතියාවූ නෙහෙමියාගෙත් ලියන්නාවූ පූජක එස්රාගෙත් දවස්වලද සිටියෝය.


යෝයාකීම්ගේ දවස්වල පියපෙළපත්වල ප්‍රධානියෝවූ පූජකයෝ නම්: සෙරායාගෙන් මෙරායාය; යෙරෙමියාගෙන් හනනියාය;


ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ සෙරුබ්බාබෙල්ද යේෂුවාද, සමඟ ආවාවූ පූජකයොත් ලෙවීවරුත් මොව්හුය: සෙරායා, යෙරෙමියා, එස්රා;


මක්නිසාද ගීතිකාකාරයන් ගැන රජුගේ ආඥාවක් තිබුණේය, ඔවුන් උදෙසා දවස්පතා උවමනාවූ කොටසක්ද නියමකර තිබුණේය.


මෙසේ ඔව්හු ඇවිත් නුවර දොරටුපාලයන්ට හඬගසා කථාකොට: අපි සිරියවරුන්ගේ කඳවුරට ගියෙමුව, එහි කිසි මනුෂ්‍යයෙක්වත් මනුෂ්‍ය හඬක්වත් නැත, බැඳපු අශ්වයොත් බැඳපු කොටළුවොත් සිටිති, කූඩාරම්ද තිබුණු හැටියටම තිබේයයි ඔවුන්ට දැන්නුවෝය.


ඔහුගේ ආහාර කොටසද නියමලෙස දවස්පතාම රජු වෙතින් ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල ඔහුට දෙනලද්දේය.


තමාගේ පිය උරුමය විකිණීමෙන් ලැබෙන දෙය හැර කන පිණිස එකාකාර කොටස් ඔවුන් සමඟ ඔහුට ලැබිය යුතුය.


සෙරුබ්බාබෙල්ද යේෂුවාද නෙහෙමියාද සෙරායාද රේලායාද මොර්දෙකයිද බිල්ෂාන්ද මිස්පාර්ද බිග්වායිද රෙහුම්ද බානාද සමඟ හැරී ආවාවූ රටේ පුත්‍රයෝ මොව්හුය. ඉශ්‍රායෙල් සෙනඟවූ මනුෂ්‍යයන්ගේ ගණන මෙසේය:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්