Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 12:35 - Sinhala Revised Old Version

35 නළා ඇතිව පූජකයන්ගේ පුත්‍රයන්ගෙන් සමහරෙක් එනම් ආසාප්ගේ පුත්‍රවූ සක්කූර්ගේ පුත්‍රයා වන මීකායාගේ පුත්‍රවූ මත්තනියාගේ පුත්‍රයා වන ෂෙමායාගේ පුත්‍රවූ යෝනාතාන්ගේ පුත්‍රයා වන සෙකරියා සහ,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 නළා ඇති ව, පූජකයන්ගේ පුත්‍රයන්ගෙන් සමහරෙක් එනම්, ආසාප්ගේ පුත් ශක්කුර්ගේ පුත්‍රයා වන මීකායාගේ පුත් මත්තනියාගේ පුත්‍රයා වන ෂෙමායාගේ පුත් ජොනතන්ගේ පුත්‍රයා වන ශෙකරියා සහ

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

35 නළා ඇති ව, පූජකයන්ගේ පුත්‍රයන්ගෙන් සමහරෙක් එනම්, ආසාප්ගේ පුත් ශක්කුර්ගේ පුත්‍රයා වන මීකායාගේ පුත් මත්තනියාගේ පුත්‍රයා වන ෂෙමායාගේ පුත් ජොනතන්ගේ පුත්‍රයා වන ශෙකරියා සහ

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 12:35
10 හුවමාරු යොමු  

පූජකයෝ සත්දෙනෙක් බැටළු අං හොරණෑ සතක් රැගෙන ගිවිසුම් පෙට්ටියට පෙරටුව යෙත්වා. සත්වෙනි දවසේදී සත් වරක් නුවර වටේට යන්න, පූජකයෝද හොරණෑ පිඹිත්වා.


යාච්ඤාවේදී ස්තුතිදීම පටන්ගැනීමට ප්‍රධානියාව සිටියාවූ ආසාප්ගේ පුත්‍රයා වන සබ්දීගේ පුත්‍රවූ මීකාගේ පුත්‍රයා වන මත්තනියාද, ඔහුගේ සහෝදරයන් අතරේ දෙවෙනියාවූ බක්බුකියාද, යෙදූතුන්ගේ පුත්‍රවූ ගාලාල්ගේ පුත්‍රයා වන ෂම්මුවාගේ පුත්‍රවූ අබ්දාද යන මොව්හුය.


මෙන්න, දෙවියන්වහන්සේ අප කෙරෙහි ප්‍රධානව අප සමඟ සිටිනසේක, නුඹලාට විරුද්ධව පිඹින පිණිස හොරණෑ ගත් උන්වහන්සේගේ පූජකයෝද සිටිති. ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, නුඹලාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව සටන් නොකරන්න; මක්නිසාද නුඹලා සඵල නොවන්නහුයයි කීවේය.


ආසාප්ද හේමාන්ද යෙදුතුන්ද ඔවුන්ගේ පුත්‍රයෝද සහෝදරයෝද යන ගීතිකාකාරයෝවූ ලෙවීවරු සියල්ලෝම සිහින් හණ සළු හැඳ, අත්තල්ද වීණාද මහ වීණාද ඇතුව, පූජාසනයට පෙර දිගින් සිටියෝය, ඔවුන් සමඟ පූජකයෝ එකසිය විසිදෙනෙක් නළා පිඹිමින් සිටියෝය.)


ආසාප්ගේ පුත්‍රයන්ගෙන් සක්කූර්ද යෝසෙප්ද නෙතනියාද අෂරේලාද යන ආසාප්ගේ පුත්‍රයෝය; මොව්හු රජුගේ අණ ලෙස ධර්මවාක්‍ය ගායනාකළාවූ ආසාප් යටතේ සිටියෝය.


යූදා සහ බෙන්යමින්ද සෙමායාද යෙරෙමියාද,


දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ දාවිත්ගේ තූර්යභාණ්ඩ ඇතුව ඔහුගේ සහෝදරයෝ වන ෂෙමායාද අසරේල්ද මිලලයිද ගිලලයිද මායයිද නෙතනල්ද යූදාද හනානීද ඔවුන්ට පෙරටුවෙන් සිටි ලියන්නාවූ එස්රාද ගියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්