Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නෙහෙමියා 10:38 - Sinhala Revised Old Version

38 ලෙවීවරුන් ඒ කොටස්වලින් දසයෙන් කොටසක් අපේ දෙවියන්වහන්සේගේ ගෘහයේ ගබඩාවේ ඇතුල් ගෙවලට ගෙනෙන පිණිස දසයෙන් කොටසක් දෙන විට ආරොන්ගේ පුත්‍රයෙක්වූ පූජකයෙක් ඔවුන් සමඟ සිටින හැටියටත් නියමකරගතිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

38 ලෙවීවරුන් ඒ කොටස්වලින් දසයෙන් කොටසක් අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවේ ඇතුළු ගෙවලට ගෙනෙන පිණිස දසයෙන් කොටසක් දෙන විට, ආරොන්ගේ පුත්‍රයෙකු වන පූජකයෙකු ඔවුන් සමඟ සිටින හැටියටත් නියම කරගතිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

38 ලෙවීවරුන් ඒ කොටස්වලින් දසයෙන් කොටසක් අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවේ ඇතුළු ගෙවලට ගෙනෙන පිණිස දසයෙන් කොටසක් දෙන විට, ආරොන්ගේ පුත්‍රයෙකු වන පූජකයෙකු ඔවුන් සමඟ සිටින හැටියටත් නියම කරගතිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 10:38
11 හුවමාරු යොමු  

මක්නිසාද ඒ ලෙවීවරු වන ප්‍රධාන දොරටුපාලයන් සතරදෙනා නියම නිලයෙහි සිට දෙවියන්වහන්සේගේ ගෘහයෙහි ඇතුල් ගෙවල්ද ගබඩාවල්ද බලාගත්තෝය.


පූජකයන්ගෙත් ලෙවීවරුන්ගෙත් කටයුතු නියම කාලවලට දර පඬුරුද ප්‍රථම ඵලද ගැන නියමකෙළෙමි. මාගේ දෙවියන්වහන්ස, යහපත පිණිස මා සිහිකළ මැනව.


භූමියේ මුළු අස්වැන්නෙන් එනම් භූමියේ ධාන්‍යයෙන්ද ගස්වල ඵලයෙන්ද සියල්ලෙන් දසයෙන් කොටසක් ස්වාමීන්වහන්සේට අයිතිය. එය ස්වාමීන්වහන්සේට ශුද්ධය.


දේශයේ රොටි කන කල්හි ස්වාමීන්වහන්සේට එසවීමේ පූජාවක් ඔප්පුකරන්න.


නුඹලාගේ ප්‍රථමකොට අනාපු පිටියෙන් නුඹලාගේ පරම්පරාවන්හි ස්වාමීන්වහන්සේට එසවීමේ පූජාවක් ඔප්පුකරන්න.


බලව, ලෙවීගේ පුත්‍රයන්ට ඔවුන් කරන මෙහෙය එනම් සම්මුඛවීමේ කූඩාරමේ මෙහෙය නිසා උරුමයක් කොට ඉශ්‍රායෙල්වරුන්ගේ සියල්ලෙන් දසයෙන් කොටසක් මා විසින් දී තිබේ.


මක්නිසාද එසවීමේ පූජාවක් කොට ඉශ්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේට ඔප්පුකරන දසයෙන් කොටස ලෙවීවරුන්ට උරුමයක් කොට මා විසින් දී තිබේ. එබැවින් ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි කිසි උරුමයක් ඔවුන්ට නොලැබෙන්නේය කියා මම ඔවුන්ට කීයෙමියි කීසේක.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නිතරම භයවෙන්ට ඉගෙනගන්න පිණිස අවුරුද්දෙන් අවුරුද්ද කෙතේ නුඹේ බීජවලින් හටගන්න සියලු අස්වැන්නෙන් දසයෙන් කොටසක් වෙන්කර,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්