Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 10:28 - Sinhala Revised Old Version

28 සෙනඟගෙන් ඉතිරි අයද පූජකයෝද ලෙවීවරුද දොරටුපාලයෝද ගීතිකාකාරයෝද නෙතිනීම්වරුද දේශවල ජනයන්ගෙන් වෙන්ව දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට හැරුණු සියල්ලෝද ඔවුන්ගේ භාර්යාවෝද ඔවුන්ගේ පුත්‍රයන්ගෙන් සහ දූවරුන්ගෙනුත් දැනුම් තේරුම් ඇති සියල්ලෝද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 සෙනඟගෙන් ඉතිරි අය ද පූජකයෝ ද ලෙවීවරු ද දොරටු පාලකයෝ ද ගීතිකාකාරයෝ ද දේව මාලිගාවේ සේවකයෝ ද දේශවල ජනයන්ගෙන් වෙන් ව දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවට හැරුණු සියල්ලෝ ද ඔවුන්ගේ භාර්යාවෝ ද ඔවුන්ගේ පුත්‍රයන්ගෙන් සහ දූවරුන්ගෙන් දැනුම් තේරුම් ඇති සියල්ලෝ ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 සෙනඟගෙන් ඉතිරි අය ද පූජකයෝ ද ලෙවීවරු ද දොරටු පාලකයෝ ද ගීතිකාකාරයෝ ද දේව මාලිගාවේ සේවකයෝ ද දේශවල ජනයන්ගෙන් වෙන් ව දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවට හැරුණු සියල්ලෝ ද ඔවුන්ගේ භාර්යාවෝ ද ඔවුන්ගේ පුත්‍රයන්ගෙන් සහ දූවරුන්ගෙන් දැනුම් තේරුම් ඇති සියල්ලෝ ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 10:28
16 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් වංශය සියලු අන්‍ය ජාතීන්ගෙන් වෙන්ව සිටගන තමුන්ගේ පව්ද තමුන්ගේ පියවරුන්ගේ අපරාධද කියාදුන්නෝය.


යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයෙක්වූ, ප්‍රේරිතයෙක් වෙන්ට කැඳවනු ලැබුවාවූ,


නුඹ: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම කියා සැබෑකමෙන්ද යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමින්ද දිවුරුවොත්, ජාතීහු උන්වහන්සේගේ නාමයෙන් තමුන්ටම ආශීර්වාදකරගෙන, උන්වහන්සේ තුළ පාරට්ටුකරගන්නෝය.


නුඹේ මුඛයෙන් ඉක්මන්කාර නොවෙන්න, නුඹේ සිතද දෙවියන්වහන්සේ ඉදිරියෙහි කාරණයක් නිකුත්කරන්ට ඉක්මන් නොවේවා; මක්නිසාද දෙවියන්වහන්සේ ස්වර්ගයෙහිය, නුඹ පොළොවෙහිය; ඒ නිසා නුඹේ වචන ස්වල්ප වේවා.


මක්නිසාද දෙවියන්වහන්සේ මුළු පොළොවට රජ්ජුරුවෝය. අර්ථ දැන ප්‍රශංසා ගී කියව්.


තවද ඔව්හු ව්‍යවස්ථාව අසා, මුළු මිශ්‍ර සමූහයා ඉශ්‍රායෙල්ගෙන් වෙන්කළෝය.


පූජකයාවූ එස්රාද හත්වෙනි මාසයේ පළමුවෙනිදා සභාව ඉදිරියට එනම් පුරුෂයන්ද ස්ත්‍රීන්ද අසා තේරුම්ගන්ට පුළුවන්වූ සියල්ලන්ද ඉදිරියට ව්‍යවස්ථාපොත ගෙනවුත්,


මෙසේ පූජකයෝද ලෙවීවරුද සෙනඟගෙන් සමහරුද ගීතිකාකාරයෝද දොරටුපාලයෝද නෙතිනීම්වරුද ස්වකීය නුවරවල විසුවෝය, සියලු ඉශ්‍රායෙල්වරුද ස්වකීය නුවරවල විසූහ.


එහෙත්: නුඹලා ඔවුන්ගේ දේශය හිමිකරගන්නහුය, කිරිද මීපැණිද ගලා යන දේශයක් වන ඒක හිමිකරගන්නා පිණිස නුඹලාට දෙන්නෙමියි නුඹලාට කීයෙමි. මම වනාහි ජාතීන් කෙරෙන් නුඹලා වෙන්කර ගත්තාවූ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


එසේ වාල්කමෙන් හැරී ආ ඉශ්‍රායෙල් පුත්‍රයෝත් ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සොයන්ට දේශයේ ජාතීන්ගේ අපිරිසිදුකමෙන් වෙන්වී ඔවුන්ට එකතුවුණ සියල්ලොත් පාස්කුව වළඳා,


මල්ලූක්ද හාරීම්ද බානාද යන තැනැත්තෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්