Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 9:15 - Sinhala Revised Old Version

15 මක්නිසාද දැනට මා විසින් මාගේ අත දිගුකොට නුඹට සහ නුඹේ සෙනඟට වසංගතයෙන් පහර දෙන්ටත් එසේ නුඹ පොළොවෙන් සිඳිනු ලබන්ටත් තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 මම අත දිගු කොට ඔබට ද ඔබේ සෙනඟට ද ලෙඩ රෝගවලින් පහර දුනිම් නම් ඔබ පොළොවෙන් තුරන් වී යන්නට ඉඩ තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 මම අත දිගු කොට ඔබට ද ඔබේ සෙනඟට ද ලෙඩ රෝගවලින් පහර දුනිම් නම් ඔබ පොළොවෙන් තුරන් වී යන්නට ඉඩ තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 9:15
13 හුවමාරු යොමු  

මමද මාගේ අත දිගුකොට මිසරය මධ්‍යයෙහි කරන්නාවූ මාගේ සියලු හාස්කම්වලින් ඊට පහර දෙන්නෙමි. එයින් පසු ඔහු නුඹලා යන්ට හරින්නේය.


නුමුත් දුර්ජනයෝ දේශයෙන් සිඳදමනු ලබන්නෝය, ද්‍රෝහිකම්කරන්නෝද එයින් උදුරාදමනු ලබන්නෝය.


මේ කාරණය වනාහි යෙරොබොවම්ගේ වංශය සිඳ දමා පොළෝතලයෙන් විනාශකිරීමට ඔවුන් කෙරෙහි පාපයක් විය.


ජලය හැරී ඇවිත් රථද අසුරුවන්ද එසේය, ඔවුන් පස්සේ මුහුදට ගියාවූ ඵාරාවෝගේ මුළු සේනාව වසාගත්තාය; ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ඉතුරුනොවීය.


සැබවින් මා විසින් නුඹ ආරක්ෂාකළේ නුඹට මාගේ බලය පෙන්වන පිණිසත් මාගේ නාමය මුළු පොළොවෙහි ප්‍රකාශවෙන පිණිසත්ය.


පසුවදා ස්වාමීන්වහන්සේ ඒ දේ කළසේක, මිසරයේ සියලු සිව්පාවෝ මළෝය. එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සිව්පාවුන්ගෙන් එකෙක්වත් නොමළේය.


බලව, කෙතේ ඉන්න නුඹේ සිව්පාවුන් පිට එනම් අශ්වයන් පිටද කොටළුවන් පිටද ඔටුවන් පිටද ගව රැළවල් සහ එළු බැටළු රැළවල් පිටද ස්වාමීන්වහන්සේගේ හස්තය පැමිණෙයි. ඉතා තද ගව වසංගතයක් වන්නේය.


මක්නිසාද මුළු පොළොවෙහි මා සමාන කෙනෙක් නැති බව නුඹ දැනගන්නා පිණිස මේ වතාවේ නුඹේ සිතටත් නුඹේ සේවකයන් පිටටත් නුඹේ සෙනඟ පිටටත් මාගේ සියලු පීඩාවන් පමුණුවන්නෙමි.


මහත් බලයෙන්ද දිගුකළ හස්තයකින්ද මිසර දේශයෙන් නුඹලා ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි භය පවත්වා, උන්වහන්සේටම නමස්කාර කොට, උන්වහන්සේටම පූජාකරන්න.


පොළොවේ මොන ජාතියක් ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට සමානද? මක්නිසාද දෙවියන්වහන්සේ තමන්ට සෙනඟක් කොට ඔවුන් මුදාගන්න පිණිස ඊමටත් තමන්ට නාමයක් උපදවාගැනීමටත් ඔබ මිසරයෙන්ද ජාතීන්ගෙන්ද ඔවුන්ගේ දෙවිවරුන්ගෙන්ද ඔබට මුදාගත්තාවූ ඔබගේ සෙනඟ ඉදිරියේදී ඔබගේ දේශය උදෙසා ඔබ මහත්වූ භයානකවූ දේ කළසේක.


ඒ රාත්‍රියේ ස්වාමීන්වහන්සේගේ දූතයා පිටත්ව ගොස් අෂූර්වරුන්ගේ කඳවුරෙහි එක් ලක්ෂ අසූපන් දහසකට පහරදුන්නේය. මිනිසුන් අලුයම නැගුටුණ විට, බලව, ඒ සියල්ලන් මැරිලාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්