Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නික්මයාම 8:31 - Sinhala Revised Old Version

31 ස්වාමීන්වහන්සේ මෝසෙස්ගේ වචන ලෙස කොට මැසි රංචු ඵාරාවෝ සහ ඔහුගේ සේවකයන් වෙතින්ද ඔහුගේ සෙනඟ වෙතින්ද පහකළසේක; එකෙක්වත් ඉතුරු නොවීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 උන් වහන්සේ ඔහු ඉල්ලූ ලෙස ඉටු කරමින් පාරාවෝගෙන් ද ඔහුගේ නිලධාරීන්ගෙන් ද ඔහුගේ සෙනඟගෙන් ද මැසි රංචු පහකළ සේක. එවිට එකෙක් වත් ඉතිරි නො වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 උන් වහන්සේ ඔහු ඉල්ලූ ලෙස ඉටු කරමින් පාරාවෝගෙන් ද ඔහුගේ නිලධාරීන්ගෙන් ද ඔහුගේ සෙනඟගෙන් ද මැසි රංචු පහකළ සේක. එවිට එකෙක් වත් ඉතිරි නො වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 8:31
5 හුවමාරු යොමු  

සියල්ලෝම මුළාව ගොස් සිටිති; එකලෙස කිලුටුව සිටිති; යහපත කරන්නෙක් නැත, එසේය, එක්කෙනෙක්වත් නැත.


නැතහොත්, මාගේ සෙනඟ නාරින්නෙහි නම්, මම නුඹ පිටටත් නුඹේ සේවකයන් පිටටත් නුඹේ සෙනඟ පිටටත් නුඹේ ගෙවලටත් මැසි රංචු එවන්නෙමි. මිසරවරුන්ගේ ගෙවල්ද ඔවුන් සිටින භූමියද මැසි රංචුවලින් පිරීයන්නේය.


මෝසෙස් ඵාරාවෝ කෙරෙන් ගොස් ස්වාමීන්වහන්සේට කන්නලව්කෙළේය.


එහෙත් ඵාරාවෝ මේ වතාවෙත් තමාගේ සිත දැඩිකරගන සෙනඟ යන්ට නොහැරියේය.


දුෂ්ටයාට කරුණාව ලැබෙන නුමුත් ඔහු ධර්මිෂ්ඨකම ඉගෙනගන්නේ නැත; යුක්තිය ඇති දේශයෙහිත් ඔහු අපරාධ ක්‍රියාකරනවා ඇත, ඔහු ස්වාමීන්වහන්සේගේ මහන්තත්ත්වයද නොදක්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්