Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -

නික්මයාම 8:29 - Sinhala Revised Old Version

29 මෝසෙස්ද: බැලුව මැනවි, මම ඔබ කෙරෙන් ගොස් මැසි රංචු ඵාරාවෝ සහ ඔහුගේ සේවකයන් වෙතින්ද ඔහුගේ සෙනඟ වෙතින්ද හෙට දවසේ පහවයන ලෙස ස්වාමීන්වහන්සේට කන්නලව්කරන්නෙමි. නුමුත් ස්වාමීන්වහන්සේට පූජා ඔප්පුකරන පිණිස සෙනඟ යන්ට නොහරින ලෙස ඵාරාවෝ තවත් වංචා ලෙස ක්‍රියානොකෙරේවයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 මෝසෙස් ඊට උත්තර දෙමින්, “මෙන්න, මා ඔබ වෙතින් ගිය කෙණෙහි ම, හෙට පාරාවෝගෙන් ද නිලධාරීන්ගෙන් ද සෙනඟගෙන් ද මැසි රංචු පලා යන ලෙස, මම සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්නෙමි. එහෙත්, සමිඳාණන් වහන්සේට පුද පූජා ඔප්පු කරනු පිණිස සෙනඟට යන්න අවසර නොදෙන ලෙස පාරාවෝ කපටිකමින් තවදුරටත් ක්‍රියා නොකළ යුතු ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

නික්මයාම 8:29
9 හුවමාරු යොමු  

එහෙත් ඵාරාවෝ අවකාශයක් ලැබුණු බව දැක ස්වාමීන්වහන්සේ කියා තිබුණු ලෙස තමාගේ සිත දැඩිකරගෙන ඔවුන්ට කන් නුදුන්නේය.

එවිට ඵාරාවෝ මෝසෙස් සහ ආරොන් කැඳවා: මා වෙතින්ද මාගේ සෙනඟ වෙතින්ද මැඩියන් පහකරන පිණිස ස්වාමීන්වහන්සේට කන්නලව්කරන්න; එවිට ස්වාමීන්වහන්සේට පූජා ඔප්පුකරන පිණිස සෙනඟ යන්ට හරින්නෙමියි කීය.

නොරැවටෙන්න; දෙවියන්වහන්සේට සරදම්කරන්ට කාටවත් බැරිය. මක්නිසාද මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය.

ඔබගේ ක්‍රියා කොපමණ භයංකරද! ඔබගේ බලයේ මහත්කම නිසා ඔබගේ සතුරෝ ඔබට යටත්වන්නෝය.

එහෙත් ඔබද ඔබගේ සේවකයෝද ස්වාමිවූ දෙවියන්වහන්සේට තවම භයනොවන්නහුයයි දනිමියි ඔහුට කීවේය.

එවිට අනාගතවක්තෘවූ යෙරෙමියා: නුඹලා කී දේ ඇසීමි; මම නුඹලාගේ වචනවල හැටියට නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට යාච්ඤා කොට, ස්වාමීන්වහන්සේ නුඹලාට උත්තරදෙන කාරණා සියල්ලම නුඹලාගෙන් කිසිවක් නොසඟවා නුඹලාට දන්වන්නෙමියි ඔවුන්ට කීවේය.

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්

දැන්වීම්