Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 8:27 - Sinhala Revised Old Version

27 අපි තුන් දිනක ගමන් වනාන්තරයට ගොස් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට අණකරන ලෙස උන්වහන්සේට පූජා ඔප්පුකරන්නෙමුයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට අණ කළ පරිදි අපි, තුන් දවසක දුර පාළුකරයට ගොස්, උන් වහන්සේට පුද පූජා ඔප්පු කරන්නෙමු”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට අණ කළ පරිදි අපි, තුන් දවසක දුර පාළුකරයට ගොස්, උන් වහන්සේට පුද පූජා ඔප්පු කරන්නෙමු”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 8:27
8 හුවමාරු යොමු  

ඔවුන් නුඹේ හඬට ඇහුම්කන්දෙනවා ඇත. නුඹද ඉශ්‍රායෙල් වැඩිමහල්ලෝද මිසරයේ රජු වෙතට ගොස්:-හෙබ්‍රෙව්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට සම්මුඛවූසේක: එබැවින් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජා ඔප්පුකරන පිණිස තුන් දවසක ගමන් වනාන්තරයට යන්ට අපට අවසරදෙන ලෙස ඉල්ලමුයයි ඔහුට කියන්න.


උන්වහන්සේද: මම සැබවින් නුඹ සමඟ සිටින්නෙමි; මා විසින් නුඹ යැවූ බවට මේක නුඹට ලකුණක් වන්නේය; එනම් නුඹ සෙනඟ මිසරයෙන් පිටතට ගෙනා කල්හි නුඹලා මේ කන්දේදී දෙවියන්වහන්සේට නමස්කාර කරන්නහුයයි කීසේක.


ආරොන්ගේ පුත්‍රයෝවූ නාදාබ් සහ අබිහු තම තමාගේ ධූම භාජනය රැගෙන එහි ගිනි බහා ඒ පිට සුවඳ ද්‍රව්‍ය දමා ස්වාමීන්වහන්සේ ඔවුන්ට අණනොකළාවූ අන්‍ය ගින්නක් උන්වහන්සේ ඉදිරියෙහි ඔප්පුකළෝය.


අද මා විසින් නුඹට අණකරන දෙය සිතට ගන්න. බලව, අමෝරිවරුන්ද කානානිවරුන්ද හිත්තීවරුන්ද පෙරිස්සිවරුන්ද හිවීවරුන්ද යෙබූසිවරුන්ද නුඹ ඉදිරියෙන් පන්නාදමන්නෙමි.


අපේ ගවයන් අප සමඟ යා යුතුය; එක කුරයක්වත් ඉතුරුකර යන්ට නුපුළුවන; මක්නිසාද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට මෙහෙකිරීමට ගවයන්ගෙන් ගත යුතුය; කුමකින් ස්වාමීන්වහන්සේට මෙහෙකටයුතුදැයි එහි යන තෙක් නොදනිමුයයි කීය.


ඉන්පසු මෝසෙස් සහ ආරොන් ඵාරාවෝ වෙතට අවුත්: මට වනාන්තරයෙහිදී මංගල්‍යයක් පවත්වන පිණිස මාගේ සෙනඟ යන්ට හරින්නැයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවෝය.


මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි කීසේක.


ඔව්හුද: හෙබ්‍රෙව්වරුන්ගේ දෙවියන්වහන්සේ අපට සම්මුඛවූසේක. උන්වහන්සේ වසංගතය හෝ කඩුව හෝ ඇතුව අපට විරුද්ධව නොපැමිණෙන පිණිස අප තුන් දවසක ගමන් වනාන්තරයට ගොස් අපගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජා ඔප්පුකරන්ට අවසර ලැබේවයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්