Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 8:16 - Sinhala Revised Old Version

16 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹේ සැරයටිය දිගුකොට පොළොවේ දූවිල්ල මිසර දේශය මුළුල්ලෙහි කිනිතුල්ලන් වෙන පිණිස ඊට ගසවයි ආරොන්ට කියන්නැයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “ ‘නුඹේ සැරයටිය දිගු කොට පොළොවේ දූවිල්ලට ගසන්න, එවිට මුළු මිසර දේශය පුරා ඇති දූවිල්ල කිනිතුල්ලන් බවට හැරෙනු ඇත’ කියා ආරොන්ට දන්වන්නැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “ ‘නුඹේ සැරයටිය දිගු කොට පොළොවේ දූවිල්ලට ගසන්න, එවිට මුළු මිසර දේශය පුරා ඇති දූවිල්ල කිනිතුල්ලන් බවට හැරෙනු ඇත’ කියා ආරොන්ට දන්වන්නැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 8:16
7 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹේ සැරයටිය ගෙන මිසර දේශය පිට මැඩියන් පමුණුවන පිණිස ගංගා කෙරෙහිද ඇළ දොළවල් කෙරෙහිද පොකුණු කෙරෙහිද නුඹේ අත දිගුකරවන්නැයි ආරොන්ට කියන්නැයි කීසේක.


ඔව්හු එසේ කළෝය; ආරොන් තමාගේ සැරයටිය රැගෙන අත දිගුකොට පොළොවේ දූවිල්ලට ගැසුවේය, එවිට මනුෂ්‍යයන්ද මෘගයන්ද පිට කිනිතුල්ලෝ වූවෝය; පොළොවේ දූවිලි සියල්ල මිසර දේශය මුළුල්ලෙහි කිනිතුල්ලෝ විය.


එහෙත් ඵාරාවෝ අවකාශයක් ලැබුණු බව දැක ස්වාමීන්වහන්සේ කියා තිබුණු ලෙස තමාගේ සිත දැඩිකරගෙන ඔවුන්ට කන් නුදුන්නේය.


මායාකාරයෝද තමන්ගේ ඇස්බැන්දුම්වලින් කිනිතුල්ලන් උපදවන්ට වෑයම් කළෝය, නුමුත් නොහැකිවූවෝය. මනුෂ්‍යයන් හා මෘගයන් පිට කිනිතුල්ලෝ වූවෝය.


උන්වහන්සේ කථාකළසේක, එවිට මැසිරංචුද ඔවුන්ගේ රට මුළුල්ලෙහි කිනිතුල්ලෝද පිරුණෝය.


මට මෙහෙකරන පිණිස මාගේ පුත්‍රයා යන්ට හරින්නැයි නුඹට කීමි; නුඹ ඔහුට යන්ට නුදුන්නෙහිය. බලව, මම නුඹේ පුත්‍රයා එනම් නුඹේ කුලුඳුලා නසන්නෙමියි කියනසේකැයි කියන්නැයි කීසේක.


ඉන්පසු මෝසෙස් සහ ආරොන් ඵාරාවෝ වෙතට අවුත්: මට වනාන්තරයෙහිදී මංගල්‍යයක් පවත්වන පිණිස මාගේ සෙනඟ යන්ට හරින්නැයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්