Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 7:4 - Sinhala Revised Old Version

4 නුමුත් ඵාරාවෝ නුඹලාට ඇහුම්කන් නොදෙන්නේය, මමද මාගේ හස්තය මිසරය පිට හෙළා මහත් විනිශ්චයයන් කරණකොටගෙන මාගේ සේනාවන්ද මාගේ සෙනඟද වූ ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් පිටතට ගෙනෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 එහෙත්, පාරාවෝ නුඹට සවන් නොදෙන්නේ ය. එවිට මම මිසරයෙහි මාගේ බාහු බලය පා, එහි වාසීන්ට දරුණු දඬුවම් දී, මාගේ සේනාවන් ද මාගේ සෙනඟ ද වන ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් පිටතට ගෙනෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 එහෙත්, පාරාවෝ නුඹට සවන් නොදෙන්නේ ය. එවිට මම මිසරයෙහි මාගේ බාහු බලය පා, එහි වාසීන්ට දරුණු දඬුවම් දී, මාගේ සේනාවන් ද මාගේ සෙනඟ ද වන ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් පිටතට ගෙනෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 7:4
28 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මිසර දේශයෙහි මාගේ ආශ්චර්යයන් බොහෝවන පිණිස ඵාරාවෝ නුඹලාට ඇහුම්කන් නොදෙන්නේයයි කීසේක.


එබැවින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: මම යෙහෝවඃවහන්සේය, මිසරවරුන් තබන බරවලින් මම නුඹලා පිටතට ගෙනෙන්නෙමි, ඔවුන්ගේ වහල්කමෙන් නුඹලා නිදහස්කරන්නෙමි, දිගුකළ බාහුවකින්ද මහත් විනිශ්චයවලින් ද නුඹලා මුදන්නෙමි.


ඒ දවසේම ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඔවුන්ගේ සේනාවල ප්‍රකාරයට මිසර දේශයෙන් පිටතට ගෙනාසේක.


මක්නිසාද උන්වහන්සේගේ විනිශ්චයෝ සැබෑය, ධර්මිෂ්ඨය; මක්නිසාද ඇගේ වේශ්‍යාකමින් පොළොව කිලුටුකළ මහත් වේශ්‍යාව උන්වහන්සේ විනිශ්චයකළසේක, තමන්ගේ මෙහෙකරුවන්ගේ ලේ ගැන ඈට විපාක දුන්සේකැයි කීවෝය.


එසේය, සර්වපරාක්‍රමවූ ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ විනිශ්චයෝ සැබෑය, ධර්මිෂ්ඨයයි කියනවා පූජාසනයෙන් මට ඇසුණේය.


ස්වාමීනි, ඔබගේ නාමයට භය නොවන්නෙක් ගෞරව නොකරන්නෙක් කවුද? මක්නිසාද ඔබ පමණක් ශුද්ධය; එබැවින් සියලු ජාතීන් පැමිණ ඔබ ඉදිරියෙහි නමස්කාරකරනවා ඇත; මක්නිසාද ඔබගේ ධර්මිෂ්ඨ ක්‍රියා ප්‍රකාශකරනලද්දේයයි කීවෝය.


මෙසේ මම මිසරයෙහි විනිශ්චයන් ඉෂ්ටකරන්නෙමි. එවිට මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇතැයි කීය.


මම පත්‍රොස් පාළුකොට, ශොවන්හි ගින්නක් අවුළුවා, නෝයෙහි විනිශ්චයවල් ඉෂ්ටකරන්නෙමි.


මම මෝවබ් කෙරෙහි විනිශ්චයවල් ඉෂ්ටකරන්නෙමි; මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔව්හු දැනගන්නෝය.


තවද ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: යෙරුසලමෙන් මනුෂ්‍යයන් සහ මෘගයන් සිඳදමන්ට මා විසින් ඊට මාගේ තද දඬුවම් සතරවූ කඩුවද සාගතයද චණ්ඩ මෘගයන්ද වසංගතයද යැවූ කල්හි කොපමණ වැඩියෙන් එසේ නොවන්නේද?


සැබවින්ම උන්වහන්සේ දවස මුළුල්ලේ මට විරුද්ධව නැවත නැවත තමන් අත හරවනසේක.


මාගේ ආත්මයෙන් මම රාත්‍රියෙහි ඔබ කෙරෙහි ආශාවීමි; එසේය, මා තුළ මාගේ ආත්මයෙන් අලුයම ඔබ සොයන්නෙමි. මක්නිසාද ඔබගේ විනිශ්චයන් පොළොවේ ඇතිකල්හි ලෝ වැසියෝ ධර්මිෂ්ඨකම ඉගෙනගනිති.


අඥානයන්ගේ පිටට පහරද පිළියෙළකර තිබේ.


ස්වාමීන්වහන්සේ කී ප්‍රකාරයටත් උන්වහන්සේ ඔවුන්ට දිවුරා තිබුණු හැටියටත් ස්වාමීන්වහන්සේගේ හස්තය ඔවුන් ගිය හැම තැනම නපුර පිණිස ඔවුන්ට විරුද්ධව තිබුණේය. ඔව්හු තද අමාරුවට පත්වුණෝය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඵාරාවෝ වෙතට යන්න. මක්නිසාද මා විසින් ඵාරාවෝගේ සිතද ඔහුගේ සේවකයන්ගේ සිත්ද දැඩිකළේ ඔවුන් මධ්‍යයෙහි මාගේ ලකුණු දක්වන පිණිසත්


බලව, කෙතේ ඉන්න නුඹේ සිව්පාවුන් පිට එනම් අශ්වයන් පිටද කොටළුවන් පිටද ඔටුවන් පිටද ගව රැළවල් සහ එළු බැටළු රැළවල් පිටද ස්වාමීන්වහන්සේගේ හස්තය පැමිණෙයි. ඉතා තද ගව වසංගතයක් වන්නේය.


ඉශ්‍රායෙල් පුත්‍රයන් තමන්ගේ සේනාවල හැටියට මිසර දේශයෙන් පිටතට ගෙනෙන්නැයි ස්වාමීන්වහන්සේ කීවේ මේ ආරොන්ට සහ මෝසෙස්ටත්ය.


මමද මාගේ අත දිගුකොට මිසරය මධ්‍යයෙහි කරන්නාවූ මාගේ සියලු හාස්කම්වලින් ඊට පහර දෙන්නෙමි. එයින් පසු ඔහු නුඹලා යන්ට හරින්නේය.


නමුත් බලවත් අතකින් වුවත් මිසරයේ රජු නුඹලාට යන්ට අවසර නොදෙන බව දනිමි.


එවිට ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මා විසින් ඵාරාවෝට කරන දේ දැන් නුඹ දක්නෙහිය. මක්නිසාද ඔහු බලවත් අතක් කරණකොටගෙන ඔවුන් යන්ට හරින්නේය, ඔහු බලවත් අතක් කරණකොටගෙන තමාගේ රටින් ඔවුන් පන්නාහරින්නේයයි කීසේක.


එහෙත් ස්වාමීන්වහන්සේ කී ලෙස ඵාරාවෝගේ සිත දැඩිවිය, ඔහු ඔවුන්ට ඇහුම්කන් නුදුන්නේය.


වනාන්තරයෙහිදී මට මෙහෙකරන පිණිස මාගේ සෙනඟ යන්ට හරින්නැයි කියන පිණිස හෙබ්‍රෙව්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ වෙතට මා එවූසේක. ඔබ මේ දක්වා ඇහුම්කන් නුදුන්නෙහිය.


එහෙත් ඵාරාවෝ අවකාශයක් ලැබුණු බව දැක ස්වාමීන්වහන්සේ කියා තිබුණු ලෙස තමාගේ සිත දැඩිකරගෙන ඔවුන්ට කන් නුදුන්නේය.


එවිට මායාකාරයෝ: මේක දෙවියන්වහන්සේගේ ඇඟිල්ලයයි ඵාරාවෝට කීවෝය. ස්වාමීන්වහන්සේ කියා තිබුණු ලෙස ඵාරාවෝගේ සිත දැඩිවිය, ඔහු ඔවුන්ට කන් නුදුන්නේය.


ස්වාමීන්වහන්සේ ඵාරාවෝගේ සිත දැඩිකළසේක, ඔහු වනාහි ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කී ලෙස ඔවුන්ට ඇහුම්කන්නුදුන්නේය.


මෝසෙස් සෙනඟට කථාකොට: නුඹලා මිසරයෙන් එනම් වහල්කමේ ගෙයින් පිටතට ආවාවූ මේ දින සිහිකරන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ ස්වකීය හස්ත බලයෙන් එතැනින් නුඹලා ගෙනාසේක. එහෙයින් මුහුන් මුසු කිසිවක් නොකෑ යුතුය.


ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව නුඹේ මුඛයෙහි තිබෙන පිණිස එය නුඹේ අතේ නුඹට ලකුණක් ලෙසද නුඹේ ඇස් අතරේ සිහිවීමක් ලෙසද වන්නේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ බලවත් හස්තයකින් නුඹ මිසරයෙන් පිටතට ගෙනාසේක.


මෝසෙස් ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් උදෙසා ඵාරාවෝටද මිසරවරුන්ටද කළ සියල්ල සහ මාර්ගයෙහිදී ඔවුන්ට පැමිණි සියලු අමාරුකම්ද ස්වාමීන්වහන්සේ ඔවුන් ගැළෙවු ප්‍රකාරයද ඔහුගේ මාමාට කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්