Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 7:20 - Sinhala Revised Old Version

20 මෝසෙස් සහ ආරොන් ස්වාමීන්වහන්සේ අණකළ ලෙස කළෝය; ඔහු සැරයටිය ඔසවා ඵාරාවෝ සහ ඔහුගේ සේවකයන් ඉදිරියෙහි ගඟේ ජලයට ගැසීය; එවිට ගංගාවේ තිබුණ සියලුම වතුරු ලේ වුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 මෝසෙස් සහ ආරොන් සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි කළහ. පාරාවෝ සහ ඔහුගේ නිලධාරීන් ඉදිරිපිට ඔහු සැරයටියෙන් ගඟේ ජලයට ගැසී ය. ගඟේ ජලය සියල්ල ද ලේවලට හැරිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 මෝසෙස් සහ ආරොන් සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි කළහ. පාරාවෝ සහ ඔහුගේ නිලධාරීන් ඉදිරිපිට ඔහු සැරයටියෙන් ගඟේ ජලයට ගැසී ය. ගඟේ ජලය සියල්ල ද ලේවලට හැරිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 7:20
14 හුවමාරු යොමු  

උන්වහන්සේ ඔවුන්ගේ ජලය ලේ කොට, ඔවුන්ගේ මත්ස්‍යයන් නැසූසේක.


බොන්ට බැරි ලෙස උන්වහන්සේ ඔවුන්ගේ ගංගාද දිය පාරවල්ද ලේ කළසේක.


දෙවෙනි දේවදූතයාද පිම්බේය, එවිට ගින්නෙන් ඇවිලෙන මහත් කන්දක් වැනිවූ දෙයක් මුහුදේ හෙළනු ලැබුවේය. මුහුදෙන් තුනෙන් පංගුවක් ලේ වුණේය;


තවද ඔව්හු මේ ලකුණු දෙකම විශ්වාසනොකර නුඹේ හඬට කන්නොදෙන්නෝ නම්, ගංගාවෙන් වතුර රැගෙන වියළි බිමට වත්කරන්න. එවිට නුඹ ගංගාවෙන් ගත් වතුර භූමිය මතුයෙහි ලේ වන්නේයයි කීසේක.


ගඟේ සිටි මත්ස්‍යයෝ මැරුණෝය; ගඟද දුර්ගන්ධවූවාය, මිසරවරුන්ට ගඟෙන් වතුර බොන්ට නොහැකිවිය; මිසර දේශය මුළුල්ලෙහිම ලේ තිබුණේය.


එවිට ඔහු ගෙහාසීට කථාකොට: ඉඟටිය බැඳගෙන මාගේ සැරයටිය අතින් රැගෙන යන්න. යමෙක් සම්බවුණත් ඔහුට ආචාර කරන්නේවත් යමෙක් නුඹට ආචාරකළත් ඔහුට උත්තරදෙන්නේවත් නැතුව ගොස්, මාගේ සැරයටිය ළමයාගේ මුහුණ පිට තබන්නැයි කීවේය.


ස්වාමීන්වහන්ස, ඔබගේ උදහස ගංගාවලට විරුද්ධව ඇවුළුණේද? එය ගංගාවලට විරුද්ධව තිබුණේද? ඔබගේ අසුන් පිටද ගැළවීම නැමති ඔබගේ රථවලද ඔබ නැගී ගියේ ඔබගේ කෝපය මුහුදට විරුද්ධව තිබුණු නිසාද?


මෝසෙස්ද ආරොන්ද එසේ කළෝය; ඔව්හු ස්වාමීන්වහන්සේ අණකළ ලෙස කළෝය.


මෝසෙස් සහ ආරොන් ඵාරාවෝ වෙතට ගොස් ස්වාමීන්වහන්සේ අණකළ ලෙස කළෝය. ආරොන් තමාගේ සැරයටිය ඵාරාවෝද ඔහුගේ සේවකයන්ද ඉදිරියෙහි හෙළීය, එවිට ඒක සර්පයෙක් වුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්