Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 7:19 - Sinhala Revised Old Version

19 තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹ ආරොන්ට මෙසේ කියන්න–නුඹේ සැරයටිය ගෙන මිසරවරුන්ගේ ගංගාද ඔවුන්ගේ ඇළ දොළවල්ද ඔවුන්ගේ විල්ද ඔවුන්ගේ සියලු දිය පොකුණුද ලේ වන පිණිස මිසරයේ ජලය කෙරෙහි අත දිගුකරන්න; මුළු මිසර දේශයෙහි ලී භාජනවලත් ගල් භාජන වලත් ලේ ඇතිවන්නේයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින්, “ආරොන්ට මෙසේ කියන්න: ‘මිසරයේ ගංගා, ඇල දොළ, වැව් පොකුණු සියල්ල ම ලේවලට හැරෙන පිණිස ඔබේ සැරයටිය අතට ගෙන ජලය මත එය දිගු කරන්න.’ එවිට, මුළු මිසර දේශය පුරා ඇති ලී බඳුන්වල මෙන් ම ගල් බඳුන්වල ද ලේ ඇති වන්නේ ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින්, “ආරොන්ට මෙසේ කියන්න: ‘මිසරයේ ගංගා, ඇල දොළ, වැව් පොකුණු සියල්ල ම ලේවලට හැරෙන පිණිස ඔබේ සැරයටිය අතට ගෙන ජලය මත එය දිගු කරන්න.’ එවිට, මුළු මිසර දේශය පුරා ඇති ලී බඳුන්වල මෙන් ම ගල් බඳුන්වල ද ලේ ඇති වන්නේ ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 7:19
15 හුවමාරු යොමු  

මෝසෙස් තමාගේ අත මුහුදට උඩින් දිගුකෙළේය. ස්වාමීන්වහන්සේද ඒ මුළු රාත්‍රියෙහි බලවත්වූ නැගෙනහිර සුළඟක් කරණකොටගෙන මුහුද ආපසු යන්ට සලස්වා මුහුද ගොඩබිමක් කළසේක, ජලද බෙදීගියේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ජලය මිසරවරුන් පිටද ඔවුන්ගේ රථ සහ අසරුවන් පිටද හැරී එන පිණිස නුඹේ අත මුහුද කෙරෙහි දිගුකරන්නැයි කීසේක.


එකල්හි ස්වාමීන්වහන්සේ: අන්ධකාරය එනම් අතගා බලන්ට හැකිතරම් අන්ධකාරය මිසර දේශය පිටට පැමිණෙන පිණිස නුඹේ අත අහස දෙසට දිගුකරන්නැයි මෝසෙස්ට කීසේක.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: පළඟැටියන් මිසර දේශය පිටට අවුත් දේශයේ සියලු පලා ජාතීන් එනම් ගල් වර්ෂාවෙන් ඉතුරුව තිබෙන සියල්ල කා දමන පිණිස නුඹේ අත මිසර දේශය කෙරෙහි දිගුකරන්නැයි කීසේක.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹේ සැරයටිය දිගුකොට පොළොවේ දූවිල්ල මිසර දේශය මුළුල්ලෙහි කිනිතුල්ලන් වෙන පිණිස ඊට ගසවයි ආරොන්ට කියන්නැයි කීසේක.


මෝසෙස් ඵාරාවෝ කෙරෙන් නුවරින් පිටතට ගොස් ස්වාමීන්වහන්සේ දෙසට තමාගේ අත් දිගුකෙළේය. එවිට අකුණු ගර්ජනා සහ ගල් වර්ෂාවද නැවතුණේය, වර්ෂාවද පොළෝ මතුපිට නොවැස්සේය.


දෙවියන්වහන්සේ: වියළි බිමට පොළොවය කියාද රැස්වූ ජලයට මුහුදය කියාද නම් තැබූසේක. දෙවියන්වහන්සේ ඒ යහපත් බව දුටුසේක.


තවද ඔව්හු මේ ලකුණු දෙකම විශ්වාසනොකර නුඹේ හඬට කන්නොදෙන්නෝ නම්, ගංගාවෙන් වතුර රැගෙන වියළි බිමට වත්කරන්න. එවිට නුඹ ගංගාවෙන් ගත් වතුර භූමිය මතුයෙහි ලේ වන්නේයයි කීසේක.


නුඹේ සැරයටිය ඔසවා නුඹේ අත මුහුද කෙරෙහි දිගුකොට ඒක බෙදන්න. ඉශ්‍රායෙල් පුත්‍රයෝ මුහුද මැදට වියළි භූමිය පිට යන්නෝය.


එවිට ඔහු ගෙහාසීට කථාකොට: ඉඟටිය බැඳගෙන මාගේ සැරයටිය අතින් රැගෙන යන්න. යමෙක් සම්බවුණත් ඔහුට ආචාර කරන්නේවත් යමෙක් නුඹට ආචාරකළත් ඔහුට උත්තරදෙන්නේවත් නැතුව ගොස්, මාගේ සැරයටිය ළමයාගේ මුහුණ පිට තබන්නැයි කීවේය.


එබැවින් ස්වාමීන්වහන්සේගේ උදහස තමන්ගේ සෙනඟට විරුද්ධව ඇවිළ, උන්වහන්සේ ඔවුන්ට විරුද්ධව තමන්ගේ අත දිගුකොට, හෙල් චංචලවෙන්ටත් ඔවුන්ගේ මළකඳන් කසළ මෙන් වීථිවල තිබෙන්ටත් ඔවුන්ට පහරදුන්සේක. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී, උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.


ස්වාමීන්වහන්ස, ඔබගේ උදහස ගංගාවලට විරුද්ධව ඇවුළුණේද? එය ගංගාවලට විරුද්ධව තිබුණේද? ඔබගේ අසුන් පිටද ගැළවීම නැමති ඔබගේ රථවලද ඔබ නැගී ගියේ ඔබගේ කෝපය මුහුදට විරුද්ධව තිබුණු නිසාද?


එහි කුලුනු කඩාදමනු ලබන්නේය, කුලියට වැඩකරන සියල්ලෝ ශෝක සිත් ඇති වන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්