Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 7:10 - Sinhala Revised Old Version

10 මෝසෙස් සහ ආරොන් ඵාරාවෝ වෙතට ගොස් ස්වාමීන්වහන්සේ අණකළ ලෙස කළෝය. ආරොන් තමාගේ සැරයටිය ඵාරාවෝද ඔහුගේ සේවකයන්ද ඉදිරියෙහි හෙළීය, එවිට ඒක සර්පයෙක් වුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 ඉන්පසු මෝසෙස් සහ ආරොන් ද පාරාවෝ වෙත ගොස් සමිඳාණන් වහන්සේ අණ කළ ලෙස ඉටු කළහ. ආරොන් තම සැරයටිය පාරාවෝ සහ ඔහුගේ නිලධාරීන් ඉදිරියෙහි දැමූ විට එය සර්පයකේ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 ඉන්පසු මෝසෙස් සහ ආරොන් ද පාරාවෝ වෙත ගොස් සමිඳාණන් වහන්සේ අණ කළ ලෙස ඉටු කළහ. ආරොන් තම සැරයටිය පාරාවෝ සහ ඔහුගේ නිලධාරීන් ඉදිරියෙහි දැමූ විට එය සර්පයෙක් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 7:10
10 හුවමාරු යොමු  

උන්වහන්සේ: ඒක බිම හෙලන්නැයි කීසේක. ඔහු ඒක බිම හෙළූ විට ඒක සර්පයෙක් විය; මෝසෙස් ඌ ඉදිරියෙන් දිවුවේය.


බලව, සර්පයන්ද ගෝනුස්සන්ද පාගන්ටත් සතුරාගේ මුළු ශක්තිය මැඩපවත්වන්ටත් මා විසින් නුඹලාට බලය දී තිබේ. කොයි දෙයකින්වත් නුඹලාට අන්තරායක් නොවන්නේය.


සර්පයන් අල්ලාගන්නෝය, යම් මරණීය වස ජාතියක් බීවත් එයින් කිසිසේත් ඔවුන්ට අනතුරක් නොවන්නේය; ඔවුන් රෝගීන් පිට අත් තැබූ කල්හි, ඔව්හු සුවය ලබන්නෝයයි කීසේක.


ඔවුන් කර්මෙල් මුදුනෙහි සැඟවී සිටියත්, මම එතැනින් ඔවුන් සොයාගන්නෙමි; ඔවුන් මාගේ ඇස් ඉදිරියෙන් මුහුදුපල්ලෙහි සැඟවුණත්, එහිදී ඔවුන්ට දෂ්ටකරන හැටියට මම සර්පයාට අණකරන්නෙමි.


නුඹලා උදෙසා ආශ්චර්යයක් පෙන්වන්නැයි ඵාරාවෝ නුඹලාට කියන කල නුඹ ආරොන්ට කථාකොට: නුඹේ සැරයටිය රැගෙන එය සර්පයෙක් වන ලෙස ඵාරාවෝ ඉදිරියෙහි හෙළන්නැයි කියවයි කීසේක.


නුඹ උදය ඵාරාවෝ වෙතට යන්න; ඔහු වතුර ළඟට පිටත්ව යන්නේය; නුඹද සර්පයෙක් වුණ සැරයටිය නුඹේ අතින් ගෙන ඔහුට සම්මුඛවන පිණිස ගංඉවුරෙහි සිට ඔහුට කථාකරමින්–


එම්බා මිසරය, නුඹ මැදට, ඵාරාවෝ සහ ඔහුගේ සියලු මෙහෙකරුවන් කෙරෙහි, උන්වහන්සේගේ ලකුණු හා හාස්කම් පැමිණවූසේක.


මෝසෙස්ද ආරොන්ද එසේ කළෝය; ඔව්හු ස්වාමීන්වහන්සේ අණකළ ලෙස කළෝය.


මෝසෙස් සහ ආරොන් ස්වාමීන්වහන්සේ අණකළ ලෙස කළෝය; ඔහු සැරයටිය ඔසවා ඵාරාවෝ සහ ඔහුගේ සේවකයන් ඉදිරියෙහි ගඟේ ජලයට ගැසීය; එවිට ගංගාවේ තිබුණ සියලුම වතුරු ලේ වුණේය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගොස් එසේ කළෝය; ඔව්හු ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට අණ කළ ලෙසම කළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්