Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 5:8 - Sinhala Revised Old Version

8 එහෙත් ඔවුන් පළමු සෑදූ ගඩොල් ගණනම සාදන්ට ඔවුන්ට නියමකරන්න; එයින් කිසිවක් අඩු නොකරන්න. මක්නිසාද ඔව්හු කම්මැළිය; එබැවින්: අපේ දෙවියන්වහන්සේට පූජාකරන්ට යන්ට අවසරදුනමැනවියි මොරගසති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 එහෙත්, මේ දක්වා ඔවුන් සෑදූ ගඩොල් ගණන ම තැනිය යුතුයි. ඉන් කිසිවක් අඩු නොකරන්න, ඔව්හු දැන් අලස ය. එබැවින්, ‘අපගේ දෙවියන් වහන්සේට පුද පූජා ඔප්පු කරන්න අපට යන්න දෙන්න’ කියා මොරගසති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 එහෙත්, මේ දක්වා ඔවුන් සෑදූ ගඩොල් ගණන ම තැනිය යුතුයි. ඉන් කිසිවක් අඩු නොකරන්න, ඔව්හු දැන් අලස ය. එබැවින්, ‘අපගේ දෙවියන් වහන්සේට පුද පූජා ඔප්පු කරන්න අපට යන්න දෙන්න’ කියා මොරගසති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 5:8
6 හුවමාරු යොමු  

ජාතීන්ගේ අතට ඔවුන් පාවාදුන්සේක; ඔවුන්ට වෛරවූවෝ ඔවුන් කෙරෙහි ආණ්ඩුකළෝය.


මේ දක්වා කළාක් මෙන් ගඩොල් සෑදීමට සෙනඟට පිදුරු තවත් නොදෙන්න. ඔව්හුම ගොස් පිදුරු එකතුකරගනිත්වා.


ඒ මනුෂ්‍යයන් බොරු වචන නොසලකා වැඩකිරීමෙහි යෙදී සිටින පිණිස වඩා බර වැඩ ඔවුන් කෙරෙහි පවරන්නැයි කීයේය.


එහෙත් ඔහු: නුඹලා කම්මැළිය, නුඹලා කම්මැළිය. එබැවින්–අපි ගොස් ස්වාමීන්වහන්සේට පූජා ඔප්පුකරමුයයි කියන්නහුය.


නුඹලාගේ ගඩොල් ගණනෙන් එනම් නුඹලාගේ නියම දවස්පතා වැඩෙන් කිසිවක් අඩුනොකළ යුතුයයි කී කල, තමන්ට නපුර පැමිණ තිබෙන බව ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුලාදෑනීහු තේරුම්ගත්තෝය.


එසේ හෙයින් ඔව්හු බරවැඩ පැවරීමෙන් ඔවුන්ට පීඩාකරන පිණිස ඔවුන් කෙරෙහි විධානවරුන් පත්කළෝය. ඔව්හු පිථොම් සහ රාම්සෙස් නම් ගබඩා නුවරවල් ඵාරාවෝ හට ගොඩනැගුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්