Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 5:5 - Sinhala Revised Old Version

5 තවද ඵාරාවෝ: බලව, දේශයේ සෙනඟ දැන් බොහෝය, නුඹලා ඔවුන්ගේ බර වැඩවලින් ඔවුන් නවත්වන්නහුයයි ඔවුන්ට කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 පාරාවෝ වැඩිදුරටත් කතා කරමින්, “දැන් මොව්හු දේශීය ජනතාවට වඩා බහුල ව සිටිති. නුඹලා අදහස් කරන්නේ ඔවුන්ගේ බර වැඩ නවත්වා දැමීමට දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 පාරාවෝ වැඩිදුරටත් කතා කරමින්, “දැන් මොව්හු දේශීය ජනතාවට වඩා බහුල ව සිටිති. නුඹලා අදහස් කරන්නේ ඔවුන්ගේ බර වැඩ නවත්වා දැමීමට දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 5:5
5 හුවමාරු යොමු  

රජුගේ මහන්තත්වය නම් සෙනඟ රාශියක් ඇතිවීමය; එහෙත් සෙනඟ අඩුකම අධිපතියාට හානියක්ය.


මෝසෙස් වැඩි වයසට පැමුණුණු කල තමාගේ සහෝදරයන් වෙතට ගොස් ඔවුන්ගේ බර වැඩ බලා සිටියේය. එවිට ඔහු තමාගේ සහෝදරවූ හෙබ්‍රෙව්වෙකුට මිසරයෙක් ගහනවා දුටීය.


තරුණයන්ගේ දැනමිතිකමේ හැටියට ඔවුන්ට කථාකොට: මාගේ පියාණෝ නුඹලා පිට බර වියගහක් තැබුවාහ, නුමුත් මම නුඹලාගේ වියගහ තව වඩා බර කරන්නෙමි. මාගේ පියාණෝ කසලවලින් නුඹලාට දඬුවම් කළාහ, මම වනාහි ගෝනුස්සන්ගෙන් නුඹලාට දඬුවම් කරන්නෙමියි කීවේය.


මාගේ පියාණෝ නුඹලා පිට බර වියගහක් තැබුවාහ, මම නුඹලාගේ වියගහ වඩා බරකරන්නෙමි. මාගේ පියාණෝ කසවලින් නුඹලාට දඬුවම්කළහ, මම වනාහි නුඹලාට ගෝණුස්සන්ගෙන් දඬුවම්කරන්නෙමියි කිය යුතුයයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්