Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 5:4 - Sinhala Revised Old Version

4 මිසරයේ රජ්ජුරුවෝ: එම්බා මෝසෙස් සහ ආරොන්, නුඹලා සෙනඟ ඔවුන්ගේ වැඩවලින් කුමට අහක්කරවුද? නුඹලාගේ බර ඉසිලීමට යන්නැයි කීහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 එවිට මිසරයේ රජ ඔවුන් අමතමින්, “මෝසෙස් සහ ආරොන්, සෙනඟ ඔවුන්ගේ වැඩවලින් ඉවත් කරන්න නුඹලා අදහස් කරන්නේ මක්නිසා ද? බර වැඩට ආපසු යන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 එවිට මිසරයේ රජ ඔවුන් අමතමින්, “මෝසෙස් සහ ආරොන්, සෙනඟ ඔවුන්ගේ වැඩවලින් ඉවත් කරන්න නුඹලා අදහස් කරන්නේ මක්නිසා ද? බර වැඩට ආපසු යන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 5:4
8 හුවමාරු යොමු  

එසේ හෙයින් ඔව්හු බරවැඩ පැවරීමෙන් ඔවුන්ට පීඩාකරන පිණිස ඔවුන් කෙරෙහි විධානවරුන් පත්කළෝය. ඔව්හු පිථොම් සහ රාම්සෙස් නම් ගබඩා නුවරවල් ඵාරාවෝ හට ගොඩනැගුවෝය.


මක්නිසාද මේ මනුෂ්‍යයා දුර්ජනයෙක් බවද ලෝකයේ සියලු යුදෙව්වරුන් අතරෙහි කැරලි උපදවන්නෙක් බවද නාසරියයන්ගේ ලබ්ධියේ මූලිකයෙක් බවද දැනගතිමුව,


ඔව්හු උන්වහන්සේට වරද තබන්ට පටන්ගෙන: මොහු අපගේ ජාතිය මුළාකරන බවද, කායිසර්ට ආදායම් දීම තහනම්කරන බවද, තමාම ක්‍රිස්තුස් රජයයි කියන බවද අපි දැනගතිමුයයි කීවෝය.


එකල බෙතෙල්හි පූජකවූ අමශියා ඉශ්‍රායෙල්හි රජවූ යෙරොබොවම්ට කියා යවනුයේ: ආමොස් ඔබට විරුද්ධව ඉශ්‍රායෙල් වංශය අතරෙහි කුමන්ත්‍රණයකර තිබේ. ඔහුගේ සියලු වචන දරන්ට දේශයට බැරිය.


අධිපතීහු රජුට කථාකොට: මේ මනුෂ්‍යයා මරනු ලැබේවා; මක්නිසාද මෙසේ මෙබඳු වචන කීමෙන් මොහු නුවර ඉතුරුව සිටින යුද්ධකාරයන්ගේ අත්ද මුළු සෙනඟගේ අත්ද බෙලහීනකරයි. එසේය, මේ මනුෂ්‍යයා මේ සෙනඟට ශුභසිද්ධිය නොව අන්තරායකරන්ට හදන්නේයයි කීවෝය.


මෝසෙස් වැඩි වයසට පැමුණුණු කල තමාගේ සහෝදරයන් වෙතට ගොස් ඔවුන්ගේ බර වැඩ බලා සිටියේය. එවිට ඔහු තමාගේ සහෝදරවූ හෙබ්‍රෙව්වෙකුට මිසරයෙක් ගහනවා දුටීය.


ඇරත් මිසරවරුන් විසින් වහල්කමෙහි තබාගන සිටින ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කෙඳිරිගෑම මම අසා මාගේ ගිවිසුම සිහිකෙළෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්