Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 5:19 - Sinhala Revised Old Version

19 නුඹලාගේ ගඩොල් ගණනෙන් එනම් නුඹලාගේ නියම දවස්පතා වැඩෙන් කිසිවක් අඩුනොකළ යුතුයයි කී කල, තමන්ට නපුර පැමිණ තිබෙන බව ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුලාදෑනීහු තේරුම්ගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 ‘නුඹලා දිනපතා සෑදිය යුතු ගඩොල් ගණනින් කිසිවක් අඩු නොකළ යුතු ය’යි පාරාවෝ කී පසු, ඉශ්රායෙල් ජනයාගේ නිලධාරීහු තමන්ට අපල කාලයක් උදා වී තිබෙන බව දුටහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 ‘නුඹලා දිනපතා සෑදිය යුතු ගඩොල් ගණනින් කිසිවක් අඩු නොකළ යුතු ය’යි පාරාවෝ කී පසු, ඉශ්රායෙල් ජනයාගේ නිලධාරීහු තමන්ට අපල කාලයක් උදා වී තිබෙන බව දුටහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 5:19
6 හුවමාරු යොමු  

දිළින්දාට පීඩාකිරීමත් විනිශ්චයද යුක්තියද පෙරළීමත් රටේ තිබෙන බව නුඹ දකින විට ඒ කාරණාවට විස්මිත නොවෙන්න. මක්නිසාද උත්තමයන්ට වඩා උතුම් කෙනෙක් බලාගන්නසේක; ඉතා උතුම් කෙනෙක් ඔවුන් කෙරෙහිද සිටිනසේක.


නැවත මම හැරී ඉර යට කෙරෙන සියලුම පීඩා දුටිමි. එවිට පීඩා ලබන්නන්ගේ කඳුළු දුටිමි, ඔවුන් සනසන්නෙක්ද නොවීය; ඔවුන්ට පීඩා කරන්නන්ගේ පක්ෂයට බලය තිබුණේය, නුමුත් සනසන්නෙක් නොසිටියේය.


එසේය, ස්වාමීන්වහන්සේ තමන් සෙනඟගේ බලය පහවී තිබෙන බවද දාසයාත් නිර්දාසයාත් නැතිවී ගිය බවද දුටුවාම, ස්වකීය සෙනඟට යුක්තිය ඉෂ්ටකොට, තමන් මෙහෙකරුවන් ගැන අනුකම්පා කරන සේක.


එහෙත් ඔවුන් පළමු සෑදූ ගඩොල් ගණනම සාදන්ට ඔවුන්ට නියමකරන්න; එයින් කිසිවක් අඩු නොකරන්න. මක්නිසාද ඔව්හු කම්මැළිය; එබැවින්: අපේ දෙවියන්වහන්සේට පූජාකරන්ට යන්ට අවසරදුනමැනවියි මොරගසති.


ඒ නිසා දැන් ගොස් වැඩකරන්න; පිදුරු කොහෙත්ම නුඹලාට දෙනු නොලැබේ, නුමුත් නුඹලාට නියම ගඩොල් ගණන භාරදෙන්ට ඕනෑයයි කීයේය.


ඔවුන් ඵාරාවෝ වෙතින් එද්දී මග බලා සිටියාවූ මෝසෙස් සහ ආරොන් ඔවුන්ට සම්බවුණෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්