Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 4:20 - Sinhala Revised Old Version

20 එවිට මෝසෙස් තමාගේ භාර්යාවද පුත්‍රයන්ද රැගෙන කොටළුවෙකු පිට හිඳුවා මිසර දේශයට හැරී ගියේය. දෙවියන්වහන්සේගේ සැරයටියද අතින් රැගෙන ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 මෝසෙස් ද තම බිරිඳ හා පුතුන් රැගෙන, ඔවුන් කොටළුවෙකු පිට නංවාගෙන යළි මිසර දේශයට ගියේ ය. දෙවියන් වහන්සේ දුන් සැරයටියත් ඔහු අතට ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 මෝසෙස් ද තම බිරිඳ හා පුතුන් රැගෙන, ඔවුන් කොටළුවෙකු පිට නංවාගෙන යළි මිසර දේශයට ගියේ ය. දෙවියන් වහන්සේ දුන් සැරයටියත් ඔහු අතට ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 4:20
10 හුවමාරු යොමු  

මෝසෙස් යෝෂුවාට කථාකොට: නුඹ අපට මිනිසුන් තෝරාගෙන පිටත්ව ගොස් අමලෙක්වරුන් සමඟ සටන්කරන්න. හෙට මම දෙවියන්වහන්සේගේ සැරයටිය අතින් ගෙන හෙළ මුදුනේ සිටින්නෙමියි කීවේය.


තමාගේ අත ඔසවා සැරයටියෙන් දෙවරක් පර්වතයට ගැසීය. එවිට වතුර බොහෝසෙයින් ගලාආයේය, සභාවද ඔවුන්ගේ සිව්පාවෝද එයින් බීවෝය.


එවිට ස්වාමීන්වහන්සේ: නුඹේ අතේ තිබෙන්නේ මොකක්දැයි ඔහුගෙන් ඇසූසේක. සැරයටියක්යයි ඔහු කීවේය.


නුඹ විසින් හාස්කම් දක්වන්ට මේ සැරයටිය නුඹේ අතින් ගනුවයි කීසේක.


ඒ කීම නිසා මෝසෙස් පලාගොස්, මිදියන් දේශයෙහි විදේශීව විසුවේය, එහිදී ඔහුට දාව පුත්‍රයන් දෙදෙනෙක් උපන්නෝය.


ඈ පුත්‍රයෙකු බිහිකළාය. මෝසෙස්: අන් දේශයක ආගන්තුකයෙක්ව සිටියෙමියි කියා ඔහුට ගේර්ෂොම් යන නම තැබීය.


නුඹේ සැරයටිය ඔසවා නුඹේ අත මුහුද කෙරෙහි දිගුකොට ඒක බෙදන්න. ඉශ්‍රායෙල් පුත්‍රයෝ මුහුද මැදට වියළි භූමිය පිට යන්නෝය.


නුඹේ මාමාවූ යෙත්‍රෝ නම් මමද නුඹේ භාර්යාවද ඈ සමඟ ඇගේ පුත්‍රයෝ දෙදෙනාද නුඹ වෙතට ඇවිත් සිටිමුයයි මෝසෙස්ට කියා ඇරියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්