Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 39:6 - Sinhala Revised Old Version

6 ඔව්හු මුද්‍රයක කැටයම් වාගේ නඛමාණික්‍ය ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ නාමප්‍රකාරයට කැටයම් කොට ඒවා රන් කෙවෙනිවල බැන්දෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 ඔව්හු නඛමාණික්‍ය සාදා ඒවා රන් කෙවෙණිවලට එබ්බූ හ. මුද්‍රා කැටයම් කලාව අනුව, ඉශ්රායෙල් ජනතාවගේ නාම ඒවායේ කැටයම් කරන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 ඔව්හු නඛමාණික්‍ය සාදා ඒවා රන් කෙවෙණිවලට එබ්බූ හ. මුද්‍රා කැටයම් කලාව අනුව, ඉශ්රායෙල් ජනතාවගේ නාම ඒවායේ කැටයම් කරන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 39:6
8 හුවමාරු යොමු  

නඛමාණික්‍ය දෙකක් ගෙන ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ නම් ඒවායේ කැටයම්කරන්න.


නුඹ දෙවියන්වහන්සේගේ උයන වන ඒදන්හි සිටියෙහිය; සියලු අනර්ඝ ගල් වන ලෝහිතංකද පුෂ්පරාගද වජ්‍රද රන්කාන්තිද නඛමාණික්‍යද සූර්යකාන්තිද නීලමාණික්‍යද රතු කැටද මරකතද රන්ද නුඹේ වැස්මව තිබුණේය. නුඹේ රබන්වලද නුඹේ නළාවලද මෙහෙවර නුඹ තුළෙහි විය; නුඹ මවනු ලැබූ දවසේදී ඒවා සූදානම් කරනලද්දේය.


ඒක ඕපීර්හි රනින්වත් අනර්ඝ නඛමාණික්‍යයෙන්වත් නීලකාන්තයෙන්වත් මිලකරන්ට බැරිය.


ඒඵොද් සහ ළය වැස්ම උදෙසා නඛමාණික්‍යද බැඳීමට මැණික්ද යන මේවා ගෙනේවා.


ඒඵොද් සහ ළයවැස්ම උදෙසා නඛමාණික්‍යද බැඳීමට ගල්ද යන මේවාය.


ගල්වල කැටයම් කරන විධියට මුද්‍රාකෙටීම මෙන් ඒ මැණික් දෙකෙහි ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ නම් කොටා, ඒවා රන් කෙවෙනිවල බඳින්න.


ඒ මැණික් දෙක ඉශ්‍රායෙල් පුත්‍රයන්ට සිහිවීමේ ගල් පිණිස ඒඵොද් සැට්ටයේ උර පටි පිහිටුවන්න. මෙසේ ආරොන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිහිකරවීමක් පිණිස ඔවුන්ගේ නම් තමාගේ දෙඋර පිට දරන්නේය.


ඒ පිට තිබුණාවූ ඒක බඳින විසිතුරු පටිය ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඒකේ වැඩ වාගේ රනින්ද නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නූලින්ද යුක්තව ඊට සම්බන්ධකොට සෑදුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්