Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 39:30 - Sinhala Revised Old Version

30 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔව්හු පවිත්‍ර රනින් ශුද්ධ කිරීටයේ තහඩුව සාදා ඊ පිට ස්වාමීන්වහන්සේට ශුද්ධය යන ලියවිල්ල මුද්‍රාවක කැටයම් මෙන් ලියුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 පසුව ඔව්හු තනි රනින් කිරීටයේ තහඩුවක් සාදා එය මත මුද්‍රා කැටයම් කලාව අනුව “සමිඳාණන් වහන්සේට කැප ය” යන වචන කැටයම් කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 පසුව ඔව්හු තනි රනින් කිරීටයේ තහඩුවක් සාදා එය මත මුද්‍රා කැටයම් කලාව අනුව “සමිඳාණන් වහන්සේට කැප ය” යන වචන කැටයම් කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 39:30
11 හුවමාරු යොමු  

ඔවුන් අපගේ දෙවියන්වහන්සේට රාජ්‍යයක්ද පූජකයන්ද කළසේක; ඔව්හු පොළොවෙහි රජකම්කරතියි කීවෝය.


එබඳුවූ ශුද්ධවූ, නිවැරදිවූ, නොකිලුටුවූ, පව්කාරයන්ගෙන් වෙන්වූ, ස්වර්ගවලට වඩා උසස්වී සිටින්නාවූ උත්තම පූජකයෙක් අපට යෝග්‍යවූයේය.


උන්වහන්සේ දෙවියන්වහන්සේගේ මහන්තත්වයේ ප්‍රභාවයද උන්වහන්සේගේ දේවත්වයේ ස්වරූපයද වනසේක්, තමන්ගේ බලපරාක්‍රමයේ වචනයෙන් සියල්ල දරමින්, පව් ගැන පවිත්‍රවීමක් කළ පසු, උසස්ථානවල මහෝත්තමයාණන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත්සේක.


උන්වහන්සේ සියලු අධර්මිෂ්ඨකම්වලින් අප මුදා, යහපත් ක්‍රියා ගැන ජ්වලිතවූ සෙනඟක් ස්වකීය සම්පතක් කොට පවිත්‍රකරගන්න පිණිස, අප උදෙසා තමන්ම දුන්සේක.


අප උන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට [දෙවියන්වහන්සේ] සැලැස්සූසේක.


නුමුත් උන්වහන්සේ කරණකොටගෙන නුඹලා ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නහුය. ඒ තැනන්වහන්සේ දෙවියන්වහන්සේගෙන් අපට ප්‍රඥාව එනම් ධර්මිෂ්ඨකමද ශුද්ධකමද මිදීමද කරනු ලැබූසේක.


ඒ කාලයෙහි අශ්වයන්ගේ මිණිගෙඩිවල: ස්වාමීන්වහන්සේට ශුද්ධය කියා ලියා තිබෙනවා ඇත; ස්වාමීන්වහන්සේගේ ගෘහයේ සැළිද පූජාසනය ඉදිරියෙහි තිබෙන පාත්‍රා මෙන් වන්නේය.


කූඩාරමේ දොරටුවට නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නූලින් මල් වැඩ කළ කඩතුරාවක් සාදන්න.


නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නූලින් ඉඟපටියද විසිතුරුකර වියා සෑදුවෝය.


ඒක මකුටය මුදුනෙහි සවිකිරීමට ඊට නිල් පටියකුත් බැන්දෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්