Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 39:3 - Sinhala Revised Old Version

3 ඔව්හු දක්ෂ කම්කරුවාගේ කර්මාන්තයෙන් නිල්, රත්නිල්, රතු සිහින් හණ නූලින් කළ කර්මාන්තයක් වන පිණිස තුනී රන් තහඩු තළා කෙඳි කොට කැපුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 ඔව්හු රත්රන්, තුනී තහඩුවලට තළා, රන් කෙඳි කපා, ඒවායින් නිල් පාට, දම් පාට, තද රතු පාට නූල් ද සිහින් ව කටින ලද හණ ද ගෙත්තම් කොට මල් වැඩ දැමූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ඔව්හු රත්රන්, තුනී තහඩුවලට තළා, රන් කෙඳි කපා, ඒවායින් නිල් පාට, දම් පාට, තද රතු පාට නූල් ද සිහින් ව කටින ලද හණ ද ගෙත්තම් කොට මල් වැඩ දැමූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 39:3
6 හුවමාරු යොමු  

එවිට කර්මාන්තය කරන්නන් අතරේ නැණවත් සිත් ඇති සියල්ලෝ මණ්ඩපය තිර දසයකින් සෑදුවෝය; කටිනලද සිහින් හණ නූල්වලින්ද නිල්, රත්නිල්, රතු නූල්වලින්ද දක්ෂ කම්කරුවාගේ වැඩෙන් යුක්තවූ කෙරුබ් රූප සහිතව ඒ තිර සෑදුවෝය.


තවද මණ්ඩපය තිර දසයකින් සාදන්න; නිල්වන්වූ රත්නිල්වූ රත්වන්වූ කටිනලද සිහින් හණවලින් දක්ෂ කම්කරුවෙකු විසින් කළ කෙරුබ් රූප ඇතුව ඒවා සාදන්න.


නිල්, රත්නිල්, රතු නූල්ද සිහින් හණ රෙදි සහ එළු ලොම්ද;


ඔහු රනින්ද නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නූලින්ද ඒඵොද් සැට්ටය සෑදුවේය.


ඔව්හු උරපටි ඊට සන්ධිකොට සෑදුවෝය. එය දෙකෙළවරින් එක්කරනලද්දේය.


රාජදූ තොමෝ මාලිගාව තුළෙහි සියලු ආකාර තේජසින් යුක්තවන්නීය. ඇගේ වස්ත්‍ර රනින් විසිතුරු කරනලද්දේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්