Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 39:29 - Sinhala Revised Old Version

29 නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නූලින් ඉඟපටියද විසිතුරුකර වියා සෑදුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 සිහින් ව කටින ලද හණවලින් හා නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් ගොතන ලද බඳපටියක් ද සෑදූ හ. මේ සියල්ල ම සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔව්හු ඉටු කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 සිහින් ව කටින ලද හණවලින් හා නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් ගොතන ලද බඳපටියක් ද සෑදූ හ. මේ සියල්ල ම සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔව්හු ඉටු කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 39:29
6 හුවමාරු යොමු  

සිහින් හණ නූලින් උතුරු සළුව විසිතුරු කොට වියා සිහින් හණ නූලින් මකුටයක්ද සාදන්න, විසිතුරුකර වියා ඉඟ පටියකුත් සාදන්න.


නිල්, රත්නිල්, රතු නූල්ද සිහින් හණ රෙදි සහ එළු ලොම්ද;


කූඩාරමේ දොරටුවට නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නූලින් මල් වැඩ කළ කඩතුරාවක් සාදන්න.


සිහින් හණ නූලින් මකුටයද සිහින් හණ නූලින් අලංකාර හිස්වැසුම්ද කටිනලද සිහින් හණ නූලින් හණ කලිසම්ද,


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔව්හු පවිත්‍ර රනින් ශුද්ධ කිරීටයේ තහඩුව සාදා ඊ පිට ස්වාමීන්වහන්සේට ශුද්ධය යන ලියවිල්ල මුද්‍රාවක කැටයම් මෙන් ලියුවෝය.


මළුවේ දොරටුවට නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නූලින් මල් වැඩ කළ විසි රියන් කඩතුරාවක් විය යුතුය. ඒකේ කුළුනු සතරක්ද කුළුනුවල අඩි සතරක්ද විය යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්