Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 39:21 - Sinhala Revised Old Version

21 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔව්හු ළය වැස්ම ඒඵොද් සැට්ටයේ විසිතුරු කොට වියනලද පටිය පිට තිබෙන පිණිසද ළය වැස්ම ඒඵොද් සැට්ටයෙන් ගැළවී නොයන පිණිසද ඒකේ වළලු ඒඵොද් සැට්ටයේ වළලුවලට නිල් පටියකින් බැන්දෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි, ළය වැස්ම, ඒපොද් සැට්ටයේ ගොතන ලද බඳපටිය මත තිබෙන පිණිසත්, එය ඒපොද් නම් සැට්ටයෙන් බුරුල් නොවී පවතින පිණිසත් එහි මුදු, ඒපොද් සැට්ටයේ මුදුවලට නිල් පැහැති පටියකින් බඳින ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි, ළය වැස්ම, ඒපොද් සැට්ටයේ ගොතන ලද බඳපටිය මත තිබෙන පිණිසත්, එය ඒපොද් නම් සැට්ටයෙන් බුරුල් නොවී පවතින පිණිසත් එහි මුදු, ඒපොද් සැට්ටයේ මුදුවලට නිල් පැහැති පටියකින් බඳින ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 39:21
7 හුවමාරු යොමු  

නුමුත් දෙවියන්වහන්සේ ප්‍රඥාවන්තයන් ලජ්ජාවට පමුණුවන පිණිස ලෝකයේ මෝඩ දේවල් තෝරාගත්සේක; දෙවියන්වහන්සේ ශක්තිමත් දේ ලජ්ජාවට පමුණුවන පිණිස ලෝකයේ දුර්වල දේවල් තෝරාගත්සේක;


මක්නිසාද දෙවියන්වහන්සේගේ මෝඩකම මනුෂ්‍යයන්ට වඩා ප්‍රඥාවන්තය; දෙවියන්වහන්සේගේ දුර්වලකම මනුෂ්‍යයන්ට වඩා බලවත්ය.


එවිට යේසුස්වහන්සේ ගෝලයන්ට කථාකොට: යමෙක් මා පස්සේ එන්ට කැමති නම් ඔහු තමාම නොසලකා, තමාගේ කුරුසිය රැගෙන, මා අනුව ඒවා.


ඒඵොද් සහ ළයවැස්ම උදෙසා නඛමාණික්‍යද බැඳීමට ගල්ද යන මේවාය.


බඳින පිණිස එය පිට තිබෙන්නාවූ රනින්ද, නිල්, රත්නිල්, රතු නූල්වලින්ද කටිනලද සිහින් හණ නූලින්ද යුක්ත වූ විසිතුරු ආකාරයෙන් වියනලද්දාවූ පටිය එහි කර්මාන්තය ලෙස එය හා සම්බන්ධවී තිබිය යුතුය.


ඔව්හු තවත් වළලු දෙකක් රනින් සාදා උරපටි දෙකේ යට පැත්තේ ඒකේ මූට්ටුව ළඟ ඉදිරියෙහිද ඒඵොද්හි විසිතුරු කොට වියනලද ඒකේ පටිය පිටද ඒවා සවිකළෝය.


ඔහු වියනලද ඒඵොද් සැට්ටයේ සළුව මුළුල්ල නිල් නූලින් වියා සෑදුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්