Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 38:3 - Sinhala Revised Old Version

3 පූජාසනයේ සියලු භාජන එනම් හැළිද හැඳිද තලිද මස් කොකුද ගිනිකබල්ද සෑදුවේය. ඒකේ සියලු භාජන ඔහු පිත්තලෙන් සෑදුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 ඉන්පසු එහි උපකරණ වන බඳුන් හා ඉස්කෝප්ප හැඳි ද පාත්‍ර හා අඬු ද ගිනි කබල් ද යන සියල්ල ලෝකඩයෙන් ම නිම කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ඉන්පසු එහි උපකරණ වන බඳුන් හා ඉස්කෝප්ප හැඳි ද පාත්‍ර හා අඬු ද ගිනි කබල් ද යන සියල්ල ලෝකඩයෙන් ම නිම කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 38:3
6 හුවමාරු යොමු  

ඒ පූජකයන් සෙනඟ සමඟ හැසුරුණු අන්දම මෙසේය: කවුරු නුමුත් පූජාවක් ඔප්පුකරනකල, මස් උයන අතර, පූජකයාගේ වැඩකාරයා දැති තුනක් ඇති මස්කොක්කක් අතේ ඇතුව ඇවිත්,


එහි අලු ඉවත ගෙනයෑමට ඒකේ හැළිද ඒකේ හැඳිද ඒකේ තලිද ඒකේ මස්කොකුද ඒකේ ගිනි කබල්ද සාදන්න. ඒකේ සියලු භාජන පිත්තලෙන් සෑදිය යුතුය.


ඒකේ අං ඒකේ සතර කොනේ සෑදුවේය. ඒකේ අං ඊටම සම්බන්ධවිය. ඔහු ඒක පිත්තලෙන් වැසුවේය.


ඔහු පූජාසනයට ඒකේ වැටියට යටින් ඒකේ මැද දක්වා යන දැල්කම් කළ මැස්සක්ද පිත්තලෙන් සෑදුවේය.


ඔහු මුහුදත් වාත්තුකර සෑදුවේය. ඒකේ ගැටියේ එක පැත්තක සිට අනික් පැත්ත දක්වා රියන් දහයක්ය, එය වටකුරුව තිබුණේය. ඒකේ උස පස් රියනක්ය, ඒකේ වට ප්‍රමාණය තිස් රියනක් විය.


සැළිද හැඳිද මස් කොකුද ඒවායේ සියලු බඩුද ඔහු සෑදුවේය. ඔහුට පියෙක්වූ හූරාම් ස්වාමීන්වහන්සේගේ ගෘහය උදෙසා සාලමොන් රජුට සෑදූ ඒ බඩු ඔපදැමූ පිත්තලෙන්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්