Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 38:25 - Sinhala Revised Old Version

25 සෙනඟ අතරෙන් ගණන්කරනු ලැබූවන්ගෙන් ලත් රිදීද තලෙන්ත සියයක් හා ශුද්ධස්ථානයේ ෂෙකෙල් ලෙස ෂෙකෙල් එක්දහස් සත්සිය සැත්තෑපහක් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 ජන සංගණනය අනුව ලබාගත් රිදී ප්‍රමාණය ශුද්ධස්ථානයේ කිරුම් බර අනුව කිලෝග්‍රෑම් තුන්දාස් හාරසිය තිහක් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 ජන සංගණනය අනුව ලබාගත් රිදී ප්‍රමාණය ශුද්ධස්ථානයේ කිරුම් බර අනුව කිලෝග්‍රෑම් තුන්දාස් හාරසිය තිහක් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 38:25
5 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් ගණන් කරනු ලබන තැනැත්තන්ගේ ගණන නුඹ ගන්නා කල්හි එනම් ඔවුන් ගණන් කිරීමේදී ඔවුන් අතරෙහි වසංගතයක් නොපැමිණෙන පිණිස ඔවුන් ගණන් කිරීමේදී එක එක මනුෂ්‍යයා තම තමාගේ ප්‍රාණය උදෙසා මිදීමේ මිලයක් ස්වාමීන්වහන්සේට දේවා.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:


ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවේ සියලු පුරුෂයන්ගේ මුළු ගණන ඔවුන්ගේ පවුල් ප්‍රකාර ඔවුන්ගේ පිය පෙළපත්වල හැටියට වෙන් වෙන් වශයෙන් ඔවුන්ගේ නාම ගණන ඇතුව ගන්න;


ඉශ්‍රායෙල් පුත්‍රයන් වන මුළු සභාවෙන් විසි අවුරුද්ද පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, ඉශ්‍රායෙල්වරුන් අතරෙන් යුද්ධයට යත හැකි සියල්ලන්ගේ ගණන ඔවුන්ගේ පිය පෙළපත්වල හැටියට ගන්නැයි කීසේක.


නුඹද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් සමඟිකරන මුදල ගෙන නුඹලාගේ ප්‍රාණ ගැන සමඟිකිරීමට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා සිහිකරවීමක් පිණිස එය සම්මුඛවීමේ කූඩාරමේ මෙහෙයට නිමකරන්නැයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්