Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 38:22 - Sinhala Revised Old Version

22 යූදා ගෝත්‍රයෙන් හූර්ගේ පුත්‍රයා වන උරීගේ පුත්‍රවූ බෙශලෙල් ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ල සෑදුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට සෑදීමට අණ කළ සියල්ල, ජුදාගේ ගෝත්‍රයේ හූර්ගේ පුත්‍රයා වන උරීගේ පුත් බෙශලෙල් විසින් සාදන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට සෑදීමට අණ කළ සියල්ල, ජුදාගේ ගෝත්‍රයේ හූර්ගේ පුත්‍රයා වන උරීගේ පුත් බෙශලෙල් විසින් සාදන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 38:22
7 හුවමාරු යොමු  

මෝසෙස් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කියනුයේ: බලන්න, ස්වාමීන්වහන්සේ යූදාගේ ගෝත්‍රයේ හූර්ගේ පුත්‍රයා වන උරීගේ පුත්‍රවූ බෙශලෙල්ගේ නම කියා ඔහු කැඳවා


මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි කීසේක.


නුමුත් ස්වාමීන්වහන්සේ මට කථාකොට: මම බාලයෙක්මියි නොකියා, මා විසින් නුඹ යවන සියල්ලන් ළඟට ගොස්, මා නුඹට අණකරන සියල්ල කියන්න.


ඔබගේ ආඥා සියල්ල සලකන විට මම ලජ්ජා නොවන්නෙමි.


පූජකවූ ආරොන්ගේ පුත්‍ර වන ඊතාමාර් අතින් ලෙවීවරුන්ගේ මෙහෙය පිණිස මෝසෙස්ගේ ආඥාව ලෙස මණ්ඩපය එනම් සාක්ෂියේ මණ්ඩපය සඳහා ගණන්ගත් දේවල ගණන මේය.


හූර්ට දාව උරී උපන්නේය, උරීට දාව බෙශලෙල් උපන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්