Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 38:1 - Sinhala Revised Old Version

1 දවන පූජාවල පූජාසනයද ඔහු ෂිටිම් ලීවලින් සෑදුවේය. ඒක පස් රියනක් දිගද පස් රියනක් පළලද ඇතුව සතරැස්ව තුන් රියනක් උස්ව තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 ඔහු ෂිටිම් ලීයෙන් දවන යාග පුදන පූජාසනය සෑදී ය. එහි දිග මීටර් දෙකයි දශම දෙකක් ද පළල මීටර් දෙකයි දශම දෙකක් ද උස මීටර් එකයි දශම තුනක් ද වූ අතර එය චතුරස්‍රාකාර විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 ඔහු ෂිටිම් ලීයෙන් දවන යාග පුදන පූජාසනය සෑදී ය. එහි දිග මීටර් දෙකයි දශම දෙකක් ද පළල මීටර් දෙකයි දශම දෙකක් ද උස මීටර් එකයි දශම තුනක් ද වූ අතර එය චතුරස්‍රාකාර විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 38:1
19 හුවමාරු යොමු  

නුවර සතරැස්ව පිහිටා තිබේ, එහි දිගද පළලේ ප්‍රමාණයට තිබේ. ඔහු දණ්ඩෙන් නුවර මැන්නේය. එය පර්ලොං දොළොස් දහසක්ය. එහි දිගත් පළලත් උසත් එක සමානය.


අපට පූජාසනයක් ඇත්තේය, මණ්ඩපයට සේවයකරන්නන්ට එයින් කන්ට අවසර නැත.


ඔහු පිත්තල පූජාසනයක් සෑදුවේය. ඒකේ දිග විසි රියනක්ය, පළල විසි රියනක්ය, උස දස රියනක්ය.


දවන පූජාසනය සම්මුඛවීමේ කූඩාරමේ මණ්ඩප දොරකඩ ළඟ තබා, ඊ පිට දවන පූජාවද ආහාර පූජාවද ඔප්පුකෙළේය.


දවන පූජාසනය සම්මුඛවීමේ කූඩාරම වන මණ්ඩපයේ දොරකඩ ඉදිරියෙහි තබන්න.


නුඹලාත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේට ප්‍රසන්නවූ ආත්මික පූජා ඔප්පුකරන පිණිස ශුද්ධ පූජක සමූහයක් වීමට ආත්මික ගෘහයක් කොට ජීවමාන ගල් මෙන් ගොඩනගනු ලබන්නහුය,


යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඊයෙත් අදත් සදාකාලයටත් එකාකාරමය.


කැලලක් නැතුව සදාකාල ආත්මයාණන් කරණකොටගෙන තමන්ම දෙවියන්වහන්සේට පූජාවුණාවූ ක්‍රිස්තුස්වහන්සේගේ ලෙයින් ජීවමාන දෙවියන්වහන්සේට සේවයකරන පිණිස, මළ ක්‍රියාවලින් නුඹලාගේ හෘදයසාක්ෂිය කොපමණ වැඩියෙන් පිරිසිදුකරනු නොලබන්නේද?


එහෙයින්, ස්වර්ගීය කැඳවීමකට පංගුකාරවූ ශුද්ධවූ සහෝදරයෙනි, අපේ ඇදහිල්ලේ ප්‍රේරිතයාණන් සහ උත්තම පූජකයාණන්වූ යේසුස්වහන්සේ කල්පනාකරන්න.


එබැවින් සහෝදරයෙනි, නුඹලාගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පුකරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි, එය නුඹලාගේ ආත්මික සේවය වේ.


පියාණන්වහන්සේ මට දෙන සියල්ලෝම මා වෙතට එන්නෝය; මා ළඟට එන තැනැත්තා මා විසින් කිසිසේත් අහක දමන්නේ නැත.


රතු සායම් පෙවූ බැටළුහම්, තහෂ් හම්, සහ ෂිටිම් ලීද;


දවන පූජාවල පූජාසනය සහ එහි සියලු භාජනද සෝදන භාජනය සහ එහි අඩියද,


ඒකේ අං ඒකේ සතර කොනේ සෑදුවේය. ඒකේ අං ඊටම සම්බන්ධවිය. ඔහු ඒක පිත්තලෙන් වැසුවේය.


තවද හූර්ගේ පුත්‍රයා වන උරීගේ පුත්‍රවූ බෙශල්යෙල් සෑදූ පිත්තල පූජාසනය ස්වාමීන්වහන්සේගේ මණ්ඩපය ඉදිරිපිට තිබුණේය. සාලමොන්ද සභාවද ඊට ළඟාවුණෝය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්