Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 36:8 - Sinhala Revised Old Version

8 එවිට කර්මාන්තය කරන්නන් අතරේ නැණවත් සිත් ඇති සියල්ලෝ මණ්ඩපය තිර දසයකින් සෑදුවෝය; කටිනලද සිහින් හණ නූල්වලින්ද නිල්, රත්නිල්, රතු නූල්වලින්ද දක්ෂ කම්කරුවාගේ වැඩෙන් යුක්තවූ කෙරුබ් රූප සහිතව ඒ තිර සෑදුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 කම්කරුවන් අතර දක්ෂ ශිල්පීහු සියල්ලෝ ම ශුද්ධස්ථානය සෑදූ හ. සිහින් ව කටින ලද හණවලින් ද නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් ද තිර දහයක් සාදන ලදු ව ඒවායේ කෙරුබ්වරුන්ගේ රූප ගෙත්තම් කරන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 කම්කරුවන් අතර දක්ෂ ශිල්පීහු සියල්ලෝ ම ශුද්ධස්ථානය සෑදූ හ. සිහින් ව කටින ලද හණවලින් ද නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් ද තිර දහයක් සාදන ලදු ව ඒවායේ කෙරුබ්වරුන්ගේ රූප ගෙත්තම් කරන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 36:8
14 හුවමාරු යොමු  

ඔහු අති ශුද්ධස්ථානයෙහි කෙරූබ්-රූප දෙකක් කපා සාදා තැබුවේය; ඒවා රනින් වසන ලද්දේය.


දාවිත් තෙමේ දාවිත්ගේ නුවර තමාට ගෙවල් සාදාගත්තේය; ඔහු දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියට ස්ථානයක් පිළියෙළකොට ඊට කූඩාරමක් පිහිටෙවුවේය.


ඔහු දිව්‍ය-වාක්‍යස්ථානයෙහි ඇතුළේ වල් ඔලීව ලීවලින් දස රියන බැගින් උස ඇති කෙරුබ් රූප දෙකක් සාදා තැබුවේය.


නුඹලා අතරෙහි ප්‍රඥා සිත් ඇති සියල්ලෝ අවුත් ස්වාමීන්වහන්සේ අණකළ සියලු දේ සාදත්වා;


තවද බලව, මම ඔහු සමඟ දාන්ගේ ගෝත්‍රයේ අහිසාමක්ගේ පුත්‍රවූ ඔහොලියාබ් පත්කෙළෙමි; මා විසින් නුඹට අණකළ සියල්ල සාදන පිණිස ප්‍රඥාව ඇති සියල්ලන්ගේ හෘදයන්හි ප්‍රඥාව තැබීමි.


මම එහිදී නුඹට සම්මුඛව සාක්ෂි පෙට්ටිය මතුයෙහි සිටින කෙරුබිම් දෙදෙනා අතරේ කරුණාසනය උඩ සිට මා විසින් නුඹ ලවා ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා අණකරවන සියල්ල ගැන නුඹ සමඟ කථාකරන්නෙමි.


රන් තළා කෙරුබ්වරුන් දෙදෙනෙක් සාදා කරුණාසනයේ දෙකෙළවරෙහි පිහිටුවන්න.


සම්මුඛවීමේ කූඩාරමද සාක්ෂි පෙට්ටියද ඒක පිට තබන කරුණාසනයද කූඩාරමේ සියලු බඩුද,


එක එක තිරයේ දිග විසිඅට රියනක්ය, එක එක තිරයේ පළල සතර රියනක්ය. තිර සියල්ල එක ප්‍රමාණ විය.


ඉක්බිති සාලමොන්ද ඔහු සමඟ මුළු සභාවද ගිබියොන්හි තිබෙන උස්තැනට ගියෝය; මක්නිසාද ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් විසින් කාන්තාරයේදී සෑදූ දෙවියන්වහන්සේගේ සම්මුඛවීමේ කූඩාරම එහි තිබුණේය.


ඔව්හු දක්ෂ කම්කරුවාගේ කර්මාන්තයෙන් නිල්, රත්නිල්, රතු සිහින් හණ නූලින් කළ කර්මාන්තයක් වන පිණිස තුනී රන් තහඩු තළා කෙඳි කොට කැපුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්