Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 36:2 - Sinhala Revised Old Version

2 මෝසෙස් වනාහි බෙශලෙල් හා ඔහොලියාබ්ද ස්වාමීන්වහන්සේ විසින් සිතෙහි ප්‍රඥාව තබනලද නැණවත් සිත් ඇති සියලු මනුෂ්‍යයන්ද එනම් ඒ වැඩේකරන පිණිස පොළඹවනලද සිත් ඇති සියල්ලන්ද කැඳවිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 බෙශලෙල් හා ඔහොලියාබ් ද සමිඳාණන් වහන්සේ කෞශල්‍යය දානය කළ වැඩ කිරීමට කැමැත්ත පෑ දක්ෂ ශිල්පීන් සියල්ලන් ද වැඩට එන ලෙස මෝසෙස් ඔවුන් කැඳවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 බෙශලෙල් හා ඔහොලියාබ් ද සමිඳාණන් වහන්සේ කෞශල්‍යය දානය කළ වැඩ කිරීමට කැමැත්ත පෑ දක්ෂ ශිල්පීන් සියල්ලන් ද වැඩට එන ලෙස මෝසෙස් ඔවුන් කැඳවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 36:2
15 හුවමාරු යොමු  

තවද ආරොන් මෙන් දෙවියන්වහන්සේ විසින් කැඳවාගන්න අය මිස වෙන කවුරුවත් ඒ ගෞරවය තමාටම නොගන්නේය.


ස්වාමීන්වහන්සේ තුළ නුඹ ලැබූ සේවය සම්පූර්ණකරන පිණිස ඒ ගැන බලාගන්නැයි අර්කිපස්ට කියන්න.


තවද බලව, මම ඔහු සමඟ දාන්ගේ ගෝත්‍රයේ අහිසාමක්ගේ පුත්‍රවූ ඔහොලියාබ් පත්කෙළෙමි; මා විසින් නුඹට අණකළ සියල්ල සාදන පිණිස ප්‍රඥාව ඇති සියල්ලන්ගේ හෘදයන්හි ප්‍රඥාව තැබීමි.


ඔව්හු සභාවක් සභාවක් පාසා ඔවුන්ට වැඩිමහල්ලන් පත්කොට, නිරාහාරයෙන් ඉඳ යාච්ඤා කොට, තමුන් අදහාගත් ස්වාමීන්වහන්සේට ඔවුන් භාරදී,


ඕපීර්හි රන් තලෙන්ත තුන් දහසකුත් පවිත්‍රකළ රිදී තලෙන්ත සත්දහසකුත් එසේ දුන්නෙමි. ඉතින් අද අත්පුරා කැමැත්තෙන්ම ස්වාමීන්වහන්සේට පූජාකරන්නේ කවුදැයි කීවේය.


නුඹලා අතරෙහි ප්‍රඥා සිත් ඇති සියල්ලෝ අවුත් ස්වාමීන්වහන්සේ අණකළ සියලු දේ සාදත්වා;


සදවසක් වැඩකළ යුතුය, එහෙත් සත්වෙනි දින නුඹලාට ස්වාමීන්වහන්සේ උදෙසා ගරුමයවූ නිවාඩුවේ සබතක් වන ශුද්ධවූ දවසක්ව තිබෙන්ට ඕනෑය. එදින කිසි වැඩක් කරන කවරෙක් නුමුත් මරනුලබන්නේය.


ආරොන් පූජක තනතුරෙහි මට සේවය කරන පිණිස ඔහු ශුද්ධකිරීමට ඔහුගේ වස්ත්‍ර සාදන්ට මා විසින් ප්‍රඥා ආත්මයෙන් පූර්ණකරනලද ප්‍රඥා සිතක් ඇති සියල්ලන්ට කියන්න.


මට පඬුරක් ගෙනෙන්ට ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කියන්න. තමාගේ සිත එළඹවන එක එක අයගෙන් මාගේ පඬුර ගන්න.


බෙශලෙල් සහ ඔහොලියාබ්ද ස්වාමීන්වහන්සේ අණකළ සියල්ල ලෙස ශුද්ධස්ථානයේ මෙහෙයේ සියලු ආකාර කර්මාන්ත කරන හැටි දැන ගන්නා පිණිස ස්වාමීන්වහන්සේ විසින් ප්‍රඥාවත් බුද්ධියත් දෙනලද්දාවූ නැණවත් සිත් ඇති සියල්ලන්ද වැඩකරනවා ඇතැයි කීවේය.


ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන් ශුද්ධස්ථානයේ මෙහෙයේ කර්මාන්ත කිරීමට ගෙනාවාවූ මුළු පඬුර මෝසෙස්ගෙන් බාරගත්තෝය. සෙනඟද උදයක් පාසා තවත් ස්වෙච්ඡා පඬුරු ඔහු වෙතට ගෙනාවෝය.


ඇරත් පූජකයන්ගේද ලෙවීවරුන්ගේද පංක්තිවල අය දෙවියන්වහන්සේගේ ගෘහයේ සියලු වැඩ පිණිස සිටිති. සියලු කටයුතුවලදී සියලු ආකාර වැඩට ප්‍රඥාවද කැමැත්තද ඇති හැම දෙනාත් නුඹ සමඟ සිටිති. ඇරත් අධිපතියොත් මුළු සෙනඟත් නුඹේ අණට මුළුමනින් යටත්වන්නාහුයයි කීවේය.


කන්දේදී නුඹට පෙන්වනලද ආදර්ශය ලෙස ඒවා සාදන්ට බලාගන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්