Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 36:1 - Sinhala Revised Old Version

1 බෙශලෙල් සහ ඔහොලියාබ්ද ස්වාමීන්වහන්සේ අණකළ සියල්ල ලෙස ශුද්ධස්ථානයේ මෙහෙයේ සියලු ආකාර කර්මාන්ත කරන හැටි දැන ගන්නා පිණිස ස්වාමීන්වහන්සේ විසින් ප්‍රඥාවත් බුද්ධියත් දෙනලද්දාවූ නැණවත් සිත් ඇති සියල්ලන්ද වැඩකරනවා ඇතැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 “තවද, සමිඳාණන් වහන්සේ බෙශලෙල්ට සහ ඔහොලියාබ්ට ද අනිකුත් කලා ශිල්පීන්ට ද ශුද්ධස්ථානයේ සේවාවන් සඳහා වැඩ සියල්ල පිළිබඳ අවබෝධය හා දක්ෂතාව දී ඇති බැවින් ඔවුන් උන් වහන්සේ අණ කළ ලෙස සියල්ල ඉටු කළ යුතු ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 “තවද, සමිඳාණන් වහන්සේ බෙශලෙල්ට සහ ඔහොලියාබ්ට ද අනිකුත් කලා ශිල්පීන්ට ද ශුද්ධස්ථානයේ සේවාවන් සඳහා වැඩ සියල්ල පිළිබඳ අවබෝධය හා දක්ෂතාව දී ඇති බැවින් ඔවුන් උන් වහන්සේ අණ කළ ලෙස සියල්ල ඉටු කළ යුතු ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 36:1
19 හුවමාරු යොමු  

ආරොන් පූජක තනතුරෙහි මට සේවය කරන පිණිස ඔහු ශුද්ධකිරීමට ඔහුගේ වස්ත්‍ර සාදන්ට මා විසින් ප්‍රඥා ආත්මයෙන් පූර්ණකරනලද ප්‍රඥා සිතක් ඇති සියල්ලන්ට කියන්න.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔව්හු ශුද්ධස්ථානයෙහි මෙහෙකරන පිණිස නිල්, රත්නිල්, රතු සිහින් වස්ත්‍ර සාදා ආරොන්ට ශුද්ධ වස්ත්‍රද සෑදුවෝය.


මා ඔවුන් අතරේ වාසයකරන පිණිස ඔව්හු මට ශුද්ධ ස්ථානයක් සාදත්වා.


ඔවුන් දෙදෙනාම ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා හා නියෝගවල නිර්දෝෂව හැසිරෙමින්, දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨව සිටියෝය.


මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි කීසේක.


මනුෂ්‍යයා විසින් නොව ස්වාමීන්වහන්සේ විසින් පිහිටුවනලද ශුද්ධස්ථානයේ හා සැබෑවූ මණ්ඩපයේ සේවකයෙක්වූ උත්තම පූජකයෙක් අපට සිටින බවය.


ඔබගේ ආඥා සියල්ල සලකන විට මම ලජ්ජා නොවන්නෙමි.


එහෙත් කොහාත්ගේ පුත්‍රයන්ට ඔහු කිසිවක් දුන්නේ නැත. මක්නිසාද ඔවුන්ට තිබුණේ ශුද්ධස්ථානයේ වැඩය; ඔවුන් බර ගෙනයන්නේ කරෙන්ය.


මෝසෙස් වනාහි බෙශලෙල් හා ඔහොලියාබ්ද ස්වාමීන්වහන්සේ විසින් සිතෙහි ප්‍රඥාව තබනලද නැණවත් සිත් ඇති සියලු මනුෂ්‍යයන්ද එනම් ඒ වැඩේකරන පිණිස පොළඹවනලද සිත් ඇති සියල්ලන්ද කැඳවිය.


ඔහු නප්තලී ගෝත්‍රයේ වැන්දඹු ස්ත්‍රියෙකුගේ පුත්‍රයෙක්ය, ඔහුගේ පියා තීර්හි මනුෂ්‍යයෙක්වූ ලෝකුරුවෙක්ය; ඔහු සියලු ආකාර පිත්තල වැඩකිරීමට ප්‍රඥාවෙන්ද තේරුමෙන්ද දැනගැන්මෙන්ද පූර්ණව සිටියේය. ඔහු සාලමොන් රජු ළඟට ඇවිත් ඔහුගේ සියලු වැඩ කෙළේය.


ඇරත් පූජකයන්ගේද ලෙවීවරුන්ගේද පංක්තිවල අය දෙවියන්වහන්සේගේ ගෘහයේ සියලු වැඩ පිණිස සිටිති. සියලු කටයුතුවලදී සියලු ආකාර වැඩට ප්‍රඥාවද කැමැත්තද ඇති හැම දෙනාත් නුඹ සමඟ සිටිති. ඇරත් අධිපතියොත් මුළු සෙනඟත් නුඹේ අණට මුළුමනින් යටත්වන්නාහුයයි කීවේය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගොස් එසේ කළෝය; ඔව්හු ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට අණ කළ ලෙසම කළෝය.


ආලේප තෛලයද ශුද්ධස්ථානයට සුගන්ධ ධූප ද්‍රව්‍යද මා විසින් නුඹට අණකළ සියල්ල ලෙස ඔව්හු කරත්වායයි කීසේක.


කැටයම්කරන්නෙක්ද දක්ෂ කම්කරුවෙක්ද නිල්, රත්නිල්, රතු සිහින් හණ නූලින් විසිතුරු වැඩ කරන්නෙක්ද වූ දාන්ගේ ගෝත්‍රයේ අහිසාමක්ගේ පුත්‍රවූ ඔහොලියාබ්ද ඔහු සමඟ වූයේය.


හූර්ට දාව උරී උපන්නේය, උරීට දාව බෙශලෙල් උපන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්