Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 34:30 - Sinhala Revised Old Version

30 ආරොන් සහ සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන් මෝසෙස් දුටුකල, බලව, ඔහුගේ මුහුණේ සමෙන් රශ්මි විහිදෙමින් තිබුණේය; එබැවින් ඔව්හු ඔහු ළඟට එන්ට භයවූය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 ආරොන් සහ සියලු ඉශ්රායෙල් ජනයා මෝසෙස් දුටු විට, පුදුමයකි! ඔහුගේ මුහුණ බැබළෙමින් තිබිණි. ඔව්හු ඔහු ළඟට එන්නට බිය වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 ආරොන් සහ සියලු ඉශ්රායෙල් ජනයා මෝසෙස් දුටු විට, පුදුමයකි! ඔහුගේ මුහුණ බැබළෙමින් තිබිණි. ඔව්හු ඔහු ළඟට එන්නට බිය වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 34:30
7 හුවමාරු යොමු  

උන්වහන්සේගේ වස්ත්‍ර පොළොවෙහි කවර අපුල්ලන්නෙකුටවත් සුදුකරන්ට බැරි තරම් ඉතා සුදුවී දීප්තිමත්විය.


සීමොන් පේතෘස් ඒ දැක, යේසුස්වහන්සේගේ දණ ළඟ වැටී: ස්වාමිනි, මා වෙතින් ගිය මැනව; මම පව්කාර මනුෂ්‍යයෙකැයි කිවේය.


එකෙණෙහිම මුළු සමූහයා උන්වහන්සේ දුටු කල ඉතා විස්මිතව, ඉදිරියට දුවගොස් උන්වහන්සේට ආචාර කළෝය.


මම ඔහු සමඟ අඳුරු කථාවලින් නොව මුවෙන් මුව ප්‍රකාශ ලෙස කථාකරමි; ස්වාමීන්වහන්සේගේ ස්වරූපයද ඔහු බලන්නේය. එබැවින් නුඹලා මාගේ මෙහෙකරුවූ මෝසෙස්ට විරුද්ධව කථාකරන්ට භයනූණේ කෙසේදැයි කීසේක.


ඉදින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෝසෙස්ගේ මුහුණේ තිබුණු නැතිවීයන්නාවූ තේජස නිසා ඔහුගේ මුහුණ දෙස ඇස් හෙළා සිටින්ට බැරි ලෙස ගල්වල ලියා කොටනලද මරණයාගේ සේවය තේජසින් යුක්තව පැමිණියේ නම්,


නුමුත් මෝසෙස් ඔවුන්ට අඬගැසුවේය; එවිට ආරොන්ද සභාවේ සියලු අධිපතිවරුද ඔහු ළඟට හැරී ආවෝය. මෝසෙස් ඔවුන්ට කථාකෙළේය.


ප්‍රඥාවන්තයාට සමාන කවරෙක්ද? කාරණයක අර්ථය දන්නේ කවුද? මනුෂ්‍යයෙකුගේ ප්‍රඥාව නිසා ඔහුගේ මුහුණ පැහැපත්වන්නේය, ඔහුගේ මුහුණේ රළුකමද වෙනස්වන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්