Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 34:27 - Sinhala Revised Old Version

27 තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මේ වචන ලියාගන්න. මක්නිසාද මේ වචන ලෙස මම නුඹ සමඟද ඉශ්‍රායෙල් සමඟද ගිවිසුමක් කෙළෙමියි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 නැවතත් සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “නුඹ මේ වචන ලියාගන්න. මන්ද, මේ වචන අනුව මා නුඹ සමඟ ද ඉශ්රායෙල්වරුන් සමඟ ද ගිවිසුමක් පිහිටුවන හෙයිනි”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 නැවතත් සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “නුඹ මේ වචන ලියාගන්න. මන්ද, මේ වචන අනුව මා නුඹ සමඟ ද ඉශ්රායෙල්වරුන් සමඟ ද ගිවිසුමක් පිහිටුවන හෙයිනි”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 34:27
6 හුවමාරු යොමු  

මෝසෙස්ද ස්වාමීන්වහන්සේගේ සියලු වචන ලියා අලුයම නැගිට කන්ද මුල පූජාසනයක් හා ඉශ්‍රායෙල්ගේ ගෝත්‍ර දොළසේ ගණන ලෙස කණු දොළසක්ද ගොඩනැගුවේය.


මෝසෙස් මේ ව්‍යවස්ථාව ලියා, ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන ලෙවීගේ පුත්‍රයන්වූ පූජකයන්ටද සියලු ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ටද එය භාරදී,


උන්වහන්සේ නුඹලාට පවත්වන්ට අණකළ තමන්වහන්සේගේ ගිවිසුම වන ආඥා දසය නුඹලාට දන්වාදී ඒවා ගල්ලෑලි දෙකක ලියූසේක.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මම අමලෙක්වරුන් ගැන සිහිවීම අහස යටින් සහමුලින් මකාදමන්නෙමැයි යන මෙය සිහිවීම පිණිස පොතක ලියා, යෝෂුවාට ඇසෙන්ට කියාදෙවයි කීසේක.


උන්වහන්සේද: බලව, මම ගිවිසුමක් කරන්නෙමි. මුළු පොළොවෙහි හෝ කිසි ජාතියක් අතරෙහි හෝ කරනු නොලැබූ පුදුම දේ නුඹේ මුළු සෙනඟ ඉදිරියෙහි කරන්නෙමි. නුඹ යම් සෙනඟක් අතරෙහි සිටිනෙහිද ඒ මුළු සෙනඟ ස්වාමීන්වහන්සේගේ ක්‍රියාව දකින්නෝය; මක්නිසාද මා නුඹ සමඟ කරන දේ භයානක දෙයක්ය.


තවද ඔහු ගිවිසුමේ පොත රැගෙන සෙනඟ ඉදිරියෙහි කියෙවුවේය. ඔව්හුද: ස්වාමීන්වහන්සේ කී සියල්ල කරමින් කීකරුවන්නෙමුයයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්