Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 34:23 - Sinhala Revised Old Version

23 නුඹේ සියලු පිරිමි අවුරුද්දකට තුන්වරක් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි පෙනීසිටින්ට ඕනෑය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 “අවුරුද්දකට තුන් වරක් නුඹේ සියලු පිරිමින්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි පෙනී සිටිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 “අවුරුද්දකට තුන් වරක් නුඹේ සියලු පිරිමින්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි පෙනී සිටිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 34:23
9 හුවමාරු යොමු  

අවුරුද්දට තුන් වරක් මට මංගල්‍යයක් පවත්වන්න.


අවුරුද්දට තුන් වරක් එනම් මුහුන් නොදැමූ රොටි මංගල්‍යයේදීද සති මංගල්‍යයේදීද කූඩාරම් මංගල්‍යයේදීද නුඹේ සියලු පිරිමි නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයට පැමිණ උන්වහන්සේ ඉදිරියෙහි පෙනෙන්ට ඕනෑය. ඔවුන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි හිස් අතින් නොපෙනී,


නුඹේ සියලු පිරිමි අවුරුද්දකට තුන්වරක් ස්වාමිවූ දෙවියන්වහන්සේ ඉදිරිපිට පෙනී සිටිය යුතුය.


යාකොබ්යයි ඔහු කීය. නුඹ දෙවියන්වහන්සේ සමඟත් මනුෂ්‍යයන් සමඟත් පොරබදා ජයගත් නිසා නුඹේ නම මින්මතු යාකොබ් නොව ඉශ්‍රායෙල් වන්නේයයි උන්වහන්සේ කීසේක.


ඔව්හු බලයෙන් බලයට යෙති, දෙවියන්වහන්සේ ඉදිරියෙහි සියොන්හිදී එකිනෙකා පෙනී සිටිති.


එහි පූජාසනයක් ගොඩනගා ඒල්-එලොහේ-ඉශ්‍රායෙල් යන නාමය ඊට තැබුවේය.


ඒ මනුෂ්‍යයා ෂිලෝහිදී සේනාවල ස්වාමීන්වහන්සේට නමස්කාරකරන්ටත් පූජාකරන්ටත් අවුරුද්දෙන් අවුරුද්ද තමාගේ නුවර සිට නික්ම ගියේය. එහි ස්වාමීන්වහන්සේගේ පූජකයෝවූ හොප්නී සහ පීනෙහාස් යන ඒලීගේ පුත්‍රයෝ දෙදෙනා සිටියෝය.


සබත් දවස්වලදීද අමාවක්වලදීද නියම මංගල්‍යවලදීද අවුරුද්දට තුන්වතාවක් පවත්වන මුහුන් නැති රොටි මංගල්‍යයේදීද සති මංගල්‍යයේදීද කූඩාරම් මංගල්‍යයේදීද මෝසෙස්ගේ ආඥාවේ හැටියට එක එක දවසට සුදුසු ලෙස ඔහු පූජා ඔප්පුකෙළේය.


නුමුත් දේශයේ සෙනඟ නියම කාලවලදී ස්වාමීන්වහන්සේ ඉදිරියට ඇතුල්වෙන කල නමස්කාර කරන්ට උතුරු දොරටුවේ මාර්ගයෙන් ඇතුල්වෙන අය දකුණු දොරටුවේ මාර්ගයෙන් පිටතට යා යුතුය; දකුණු දොරටුවේ මාර්ගයෙන් ඇතුල්වෙන අය උතුරු දොරටුවේ මාර්ගයෙන් පිටතට යා යුතුය. කවුරු නුමුත් ඇතුල්වෙන දොරටුවේ මාර්ගයෙන් හැරී නොගොස් ඊට ඉදිරිපිටින් පිටතට යා යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්